අනුරුද්ධ සම්පායෝගේ සැප වාහන – මාසික ලීසිං වාරික ලක්ෂ 10ත් පනී

කෝටි ගණනක් වටිනා ඉතා සුඛෝපභෝගී වාහන දෙකක් තම හිතවතකුගේ නමට මිලදී ගෙන ඒවායේ මාසික ලීසිං වාරික ලෙස රුපියල් ලක්ෂ 10කට අධික මුදලක් ගෙවීමෙන් ම මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ අයථා ආකාරයෙන් මාසික ව කොපමණ මුදල් උපයාගෙන තිබෙන බවට හොඳම සාක්ෂියක් බව නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (31) මීගමුව අධිකරණයේදී ප්‍රකාශ කළේය.

මීගමුව බන්ධනාගාරය තුළ සිදුවී ඇති විවිධ විෂමාචාර කි‍්‍රයා, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම් ඇතුළු චෝදනා යටතේ ඇති නඩුවේ සැකකරුවන් වන මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ ඇතුළු සැකකරුවන් හතරදෙනා ඊයේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

මීගමුව මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ විභාග වුණු මෙම නඩුවේදී අනුරුද්ධ සම්පායෝ මහතාට ඇප ලබා දීමට තරයේ විරුද්ධත්වය ප්‍රකාශ කරමින් කරුණු දැක්වූ දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළේ සාමාන්‍ය වැටුපක් ලබන මෙම බන්ධනාගාර අධිකාරීවරයාට මෙවැනි ඉතා මිල අධික වාහන දෙකක් මිලදී ගැනීමට හැකිවූයේ කෙසේ ද යන්න පිළිබඳව මුදල් විශුද්ධිකරණ පනත යටතේ ද විමර්ශණය කරන බවය. ඔවුන් දැඩි කොන්දේසි සහ ඇප මත මුදාහැරිණි.


මසකට ආසන්න කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගත ව සිටි සැකකරුවන්ට විදේශ ගතවීම වළක්වමින් ඇප නියෝගය නිකුත් කළ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය ඇප ලබාගැනීමෙන් අනතුරුව සෑම මසකම පළමු හා තුන්වන ඉරිදා දිනවල පෙරවරුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ද නියෝග කළාය.

ඇප මත මුදාහල පසුව පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට හෝ විමර්ශනවලට කිසිදු ආකාරයකින් බලපෑමක් නොකරන ලෙසට ද සැකකරුවන්ට මහෙස්ත‍්‍රාත්වරිය එහිදී දැඩිව අවවාද කළාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගත් අවස්ථාවේදි ඔහු පැමිණි රතු පැහැ ජිප් රථය

Exit mobile version