අනුරාධපුර පුදබිමේදී අගමැති මහින්ද රාජපක්ෂට දැඩි ජනතා විරෝධයක් (වීඩියෝ සහිතයි)

අනුරාධපුරයේ ජය ශ්‍රි මහ බෝධීය සහ රුවන්වැලි මහා සෑය වැඳ පුදා ගැනීමට අද පෙරවරුවේ පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එම ප්‍රදේශයේ ස්ථාන කිපයකදීම ජනතාවගෙන් දැඩි විරෝධයක් පළ වී ඇති අතර ඔවුන් විරෝධතා පුවරු සහ හූ හඩ පළ කරමින් අගමැතිවරයාට විරෝධය දක්වා ඇත.

පෙරවරුවේ ජය ශ්‍රි මහ බෝ මළුවට පැමිණි අගමැතිවරයාට එම ස්ථානයේ සිටි බැතිමතුන්ද විරෝධය ප්‍රකාශය කර ඇති අතර ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීමෙන් අත්පත් කර ගත් ගෞරවය විනාශ කර නොගෙන වහා අස්වන ලෙස ඔවුන් ප්‍රකාශ කර ඇත. එයින් පසුව රුවන් වැලි මහා සෑ වන්දනාවෙන් එහි විහාරාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව පිටව යන මොහොතේ පිටත රථ ගාල පුදේශයේ රැඳී සිටි ජනතාව අගමැතිවරයාට විරෝධය දක්වා ඇත. කෙසේ වුවද එයින් පසුව මිරිසවැටිය වැඳ පුදා ගැනිමට එම ස්ථානයට ගිය අගමැකිවරයා ප්‍රමුඛ පිඑරිස මිරිසවැටිය විහාරධිපති ඊතලවැටුනුවැවේ ඥාණතිලක නාහිමි හමුවී ආපසු පැමිණෙන මොහොත්ද මග සිටි විරෝධතාකරුවන් අගමැතිවරයාට හූ තබමින් විරෝධය පළ කර ඇති බව අනුරාධපුර අප වාර්තාකරු සඳහන් කරයි.

වීඩියෝව පහතින් නරඹන්න


 

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version