අනිසි බියක් ඇති කරගන්න එපා… පොල්තෙල් හොඳයි… රාජ්‍ය ඇමති කියයි…

වෙළෙඳපලේ ඇති පොල්තෙල් පිළිබඳව මේ  වනවිටත් පරීක්ෂණ කටයුතු කෙරෙමින් පවතින බව පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි.  සමූපාකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමති  ලසන්ත අලගියවන්න මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් පැවසුවේ අද වනවිට වෙළෙඳපලේ ඇති පොල්තෙල්වල නියැදි 125ක්  පරීක්ෂණ සහඳහා පොල් පරීක්ෂණ ආයතනයට යොමු කර ඇති බවයි.

මේ වනවිට ඉන් 109ක වාර්තා ලැබී ඇති බවත් එම ප්‍රතිඵළ අනුව එම සාපල කිසිදු වස විසකින් තොර බවත් ඇමතිවරයා කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ තත්වය තුළ ජනතාව වෙළෙඳපලේ ඇති පොල්තෙල් සම්බන්ධව කිසිසේත්ම අනිසි බියක් ඇති කරගත යුතු නැති බව භාරිභෝගික කටයුතුවල වගකීම සහිත  ඇමතිවරයා ලෙස තමන් ප්‍රකාශ කරන බව ඇමතිවරයා කියයි.   .


Exit mobile version