අන්තරේ උද්ඝෝෂණය අතර තුවාල ලද මහරගම ඕ.අයි.සී ශල්‍යකර්මයකට…..

කීර්ති ප්‍රනාන්දු –

ඊයේ (03) පාර්ලිමේන්තු පිවිසුම අසල අන්තර්විශ්විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් විසින් පත්වන ලද උද්ඝෝෂණයේ දී සිදුවූ අනතුරකින්   තුවාල ලැබූ මහරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එච්.ජනකාන්ත ශල්‍ය කර්මයකට ලක් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි.

ස්ථානධිපතිවරයාගේ වම් අතේ ඇඟිලි තුනක් බරපතල ලෙස තුවාල ලබා තිබූ අතර එම ඇගිලි සඳහා පැය දෙකක ශල්‍ය කර්මයක් කර ඇතැයි වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා වහාම ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මූලික ප්‍රතිකාර ලබා දී ඇත. තුවාල සිදුවූ අතේ ඇඟිලි ශල්‍ය කර්මයකට ලක් කිරීමෙන් පසු ඔහුව පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බව ද එම ප්‍රකාශකයා පැවසීය.
 


Exit mobile version