අන්තර්ජාල ගුණාත්මක බව අතින් නරකම තැන ශ්‍රී ලංකාවට

රටවල් 85 ක් අතරින් ශ්‍රී ලංකාව අන්තර්ජාල ගුණාත්මකභාවය අතින් නරකම ස්ථානයට පත්ව තිබේ.

VPN සැපයුම්කරුවකු වන සර්ෆ්ෂාර්ක් විසින් විශ්ලේෂණය කර සකසන ලද මෙම වාර්තාවට අනුව සිංගප්පූරුව ඉහළින්ම සිටී.

බ්‍රෝඩ්බෑන්ඩ් සහ ජංගම අන්තර්ජාල සම්බන්ධතාවල වේගය සහ විශ්වසනීයත්වය සලකා බලන අන්තර්ජාල තත්ත්ව දර්ශකයේ ස්කැන්ඩිනේවියානු සහ බෙනෙලක්ස් රටවල් ද ඉහළ මට්ටමක සිටී.


අමෙරිකාව 18 වන ස්ථානයේ සිටින අතර එම ස්ථානයට වඩා හතක් ඉදිරියෙන් කැනඩාව සිටී.

විශ්ලේෂණය වෙළඳපල සහ පාරිභෝගික දත්ත සපයන ප්‍රමුඛ පෙළේ ස්ටැටිස්ටා විසින් මෙම ලැයිස්තුව ඉදිරිපත් ලදී.

ස්ටැටිස්ටා විසින් කරන ලද සමාලෝචනයේදී මාධ්‍යවේදිනී කැතරිනා බුචෝල්ස් කියා සිටියේ විශ්වාසනීය නොවන අන්තර්ජාලයට වැඩ කරන දිනයක් හෝ චිත්‍රපටයක් නරඹන විවේකී රාත්‍රියක් විනාශ කළ හැකි අතරම සමාගම්වලට තම ව්‍යාපාරය කරගෙන යාමට හෝ ව්‍යාප්ත වීමට ඇති හැකියාවටද එය බාධාවක් විය හැකි බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කැපී පෙනෙන අන්තර්ජාල ගුණාත්මකභාවයක් ඇති රටවල් සාමාන්‍යයෙන් යටිතල පහසුකම් ඔවුන්ගේ පුරවැසියන්ට සහ ඔවුන්ගේ ව්‍යාපාරික ප්‍රජාවන්ට සම්පතක් ලෙස සලකති.

Exit mobile version