අන්තර්ජාලය කැලඹූ අසභ්‍ය වීඩියෝව ගැන හොයන්න සී.අයි.ඩී. ය පහන්තුඩා ඇල්ලට යයි…

බලංගොඩ ඉඹුල්ලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයයේ පිහිටි පහන්තුඩාව දිය ඇල්ල පසුබිම් කරගෙන වීඩියෝ කර තිබූ අසභ්‍ය වීඩියෝවක් අන්තර්ජාලය ඔස්සේ මුදා හරිනු ලැබූ සැකකරුවන්  අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ අරඹා ඇතැයි වාර්තා වේ.

මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ දම්සක් පදනම නම් සංවිධානයක් ඒ සම්බන්ධව විමර්ශනයක් කරන ලෙස ජනාධිපතිවරයාගෙන්  ඊයේ කළ ලිඛිත ඉල්ලීමක් අනුවය.

එම සංවිධානයේ සභාපති පස්සරමුල්ලේ දයාවංශ හිමියන්ගේ අත්සනින් එම ලිඛිත ඉල්ලීම කර තිබිණි.


ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් අද  එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අසභ්‍ය වීඩියෝව ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම්  හරහා සමාජ මාධ්‍ය  තුළ හුවමාරු විය.

 

 

Exit mobile version