අධි ආරක්ෂිත කලාප ගැසට් එක රිවස් කරගනී… ගැස්ට්එක අවලංගු කරමින් ජනපති ගැසට් එකක් නිකුත් කරයි!

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් යුතුව ප්‍රකාශයට පත් කළ අධි ආරක්ෂිත කලාප ගැසට් නිවේදනය අවලංගු කරමින් ජනාධිපතිවරයා විසින්ම  ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

අධි ආරක්ෂිත කලාප ගැසට් නිවේදනය සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි කනස්සල්ල පල කළ අතර අන්තර්ජාතික මානව හිමිකම් සංවිධාන කර්කශ විවේචනයක් එල්ල කළේය.

එමෙන්ම ඊට එරෙහිව අධිකරණයම ක්‍රියාමාර්ගවලට රටේ දේශපාලන සහ සමාජ ක්‍රියාකාරීන් අවතීර්ණ වී තිබිණි.

ජනාධිපතිවරයා විදේශ සංචාරය අතරතුර අධි ආරක්ෂිත කලාප ගැසට් නිවේදනය හරවා ගැනීම පිළිබඳ දැනුම් දුන්නේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාවට පැමිණ වහාම ඔහු  එය අවලංගු කිරීමට කටයුතු කර ඇත.

Exit mobile version