අධිවේගයේ මාරක ගමනක් ගිය තලාතුඔය නඩය හඳුනා ගනී

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස මෝටර් රථයක නැගී ගිය මහනුවර, තලාතුඔය තරුණයින් පිරිසට දොර කවුළුවලින් පිටතට විත් දොරවල් මත හිඳගෙන ගමන් කිරීම සම්බන්ධ චෝදනා මත හෙට පොලීසියට කැඳවීමක් කර තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සිට මාතර දක්වා කොටසේ දී, අසල ගමන් කළ තවත් රථයකින් එම සිද්ධිය වීඩියෝගත කර සමාජ ජාලයට මුදාහැර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භකර ඇති අතර මෙම මෝටර් රථය මහනුවර පදිංචි මුස්ලිම් පුද්ගලයකුට අයත් එකක් බවට ද එම පිරිස තලාතුඔය පිරිසක් බවට ද අනාවරණය වී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම සිද්ධිය පිළිබඳව මෝටර් රථ ආඥාපනතේ නීති උල්ලංඝනය කිරීම මෙන්ම මිනිස් ජීවිත අනතුරේ හෙළීම සම්බන්ධයෙන් අපරාධමය චෝදනා මත ද විමර්ශන කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය.

Exit mobile version