අධිවේගයේ අනතුරින් මිය ගිය රුසියානු ජාතිකයාගේ දේහය ලංකාවේ ආදාහනය කර අළු ටික රැගෙන යෑමට බිරිය අවසර පතයි!

ලලිත් චාමින්ද –

දක්ෂිණ අධිවේගි මාර්ගයේ ඉමදුව හා කොක්මාදුව අතර 110.6 වැනි කිලෝමිටරයේ දි  රිය අනතුරකට ලක්ව මියගිය  රුසියානු ජාතිකයාගේ  දේහය මෙරටදි ආදාහනය කොට අඵ රුසියාවට  ගෙන යාම සඳහා  ඔහුගේ බිරිද විසින් මරණ පරික්ෂණයේ දි  කරණු ලැබු ඉල්ලිමට  ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ   අවසර ලබා දුන්නේය.

මෙහිදි ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා  රුසියානු ජාතිකයාගේ මරණය  සිදුවි ඇත්තේ  මාර්ග රිය අනතුරකට ලක්විමෙන්   ඔහුගේ පපුවට හා උදරයට වු බහුවිධ තුවාල වලින් බවද තීන්දු කරණු ලැබිය.

මියගිය රුසියානු ජාතිකයා  ඔහුගේ බිරිය සහ තවත් විදේශිය ජාතිකයින් 07 දෙනෙකු  අධිවේගි මාර්ගය දිගේ බස්රථයකින් ගමන් කරමින් සිටියදි  බස් රථය ඉදිරියෙන් ගමන් කරමින් තිබු ලොරි රථයක හැපිමෙන්  මෙම අනතුර සිදුවිය.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ඉල්ඩරා අබ්දුලින් (42). ( Ildara adbullin)   රුසියානු ජාතිකයෙකි. මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය  ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ  විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකරණු ලැබිය. එහිදි මියගිය රුසියානු ජාතිකයාගේ බිරිද වන  Almukhanetova elbira (45) නැමැත්තිය සාක්ෂි දෙමින් මෙසේ කිවාය.


“අපි දෙදෙනාට දියණියන් 04 දෙනෙකු ඉන්නවා. ඉකුත් වර්ෂයේ නොවැම්බර් මස 28 වැනිදින මම එක් දියණියක් සමග ලංකාවට ආවා. ඇය  දෙසැම්බර් මස 25 වැනිදින නැවත රුසියාවට පිටත්කර හැරියා. 28 වැනිදින මහත්තයා ලංකාවට ආවා. අපි අපේ මිතුරන් 07 දෙනෙකු සමග  පුද්ගලික බස්ථයකින්  නුවර නුවරඑළිය, ආදි ප්‍ර දේශවල සංචාරය කළා.  පසුව අධිවේගි මාර්ගය දිගේ වැලිගම බලා පිටත් වුනා. මගේ මහත්තයා බස්රථයේ ඉදිරිපස අසුනේ වාඩිවෙලා හිටියා. මම පිටුපස හිටියේ.   බස්රථයෙන් අපි පැය එකහමාරක් පමණ ගමන් කළා. අපිට නින්ද ගොස් තිබුණේ. එකවරම ලොකු ශබ්දයක් ඇසුනා ඒ ශබ්දයට  අවදිවි බලන විට බස්රථය  ඉදිරියෙන් ධාවනය වෙමින් තිබු ලොරි රථයක වම්පස වැදි තිබුනා. සැමියා තුවාල ලබා හිටියා.”

“සැමියා අමාරු බව මට කිවා. මා ඔහුගේ හිස මගේ උකුලේ තබා ගත්තා. මම හිතුවා සැමියා  මිය යන්න ඇති කියලා. ගිලන් රථයකින් සැමියා රෝහලට රැගෙන ගියා. මගේ වම්පාදයට තුවාල වි තිබුනා. පසුව මමත් ගිලන් රථයකින් රෝහලට රැගෙන ගියා. සැමියා මියගොස් ඇති බව රෝහලේ දි දැන ගත්තා. සැමියාගේ දේහය මෙරට ආදාහනය කොට අළු මව්රටට ගෙන යාමට අවසර ඉල්ලා සිටිනවා. ” යැයිද ඇය කිවාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පශ්චාත් මරණ පරිකෂණය සහකරා අධිකරණ වෛද්‍ය නිලධාරි විෂාධා පෙරේරා ය විසින් සිදුකරණු ලැබුවාය.

Exit mobile version