සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධිකරණ භූමිය තුළ වෙඩි තබා ඝාතනය කළ ඉරාන ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවරුන් දෙදෙනාගේ කතාව…

by editor
ජනවාරි 18, 2025
in පුවත්
Ali-Razini- Mohammad - Moghiseh

ඝාතනය වූ ඉරාන විනිසුරුවන් අලි රසිනි සහ මොහොමඩ් මොගි‍ෂේ...

Share on FacebookShare on Twitter

අධීප උඩුවැරැල්ල –

රටේ  තීරණාත්මක  නඩු කටයුතු මෙහෙයවූ ඉරානයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක් අද (18) ටෙහෙරානයේ ශ්‍රේෂ්ඨාධිකරණ භූමිය තුළ වෙඩි තබා ඝාතනය කළේය. අනතුරුව ඝාතකයා ද සිය දිවි හානි කරගත්තේය.

මෙසේ ඝාතනය වන්නේ විනිසුරු මොහොමඩ් මොගිසේ (68) සහ විනිසුරු අලි රසිනි (71) නැමැති ඉරානයේ ප්‍රවීන විනිසුරුවරු දෙදෙනෙකි. ඔවුන් මුස්ලිම් විද්වතුන්ය. දෙදෙනාම හුජ්ජත් අල්-ඉස්ලාම් නිලය දරන්නෝ වෙති. හුජ්ජත් අල්-ඉස්ලාම් යනු ඉස්ලාමයේ ෂියා නිකායේ ආගමික නිලයකි. එය වසර ගණනාවක් ඉස්ලාමීය නීතිය සහ දේවධර්මය හැදෑරූ පූජකවරුන් සඳහා මධ්‍යම ශ්‍රේණිගත කිරීමේ තනතුරකි.

මොහොමඩ් මොගිසේ සහ අලි රසිනි ඉරාන අධිකරණයේ විවිධ ශාඛාවල සභාපතිත්වය දැරූහ. ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ ජාතික ආරක්ෂාව ප්‍රමුඛ තැන තබාගෙන ත්‍රස්තවාදී අපරාධවලට එරෙහිව සටන් කිරීමට මෙම විද්වතුන් දෙදෙනා ක්‍රියාකාරීව සම්බන්ධ වී සිටි බවය. මියගිය විනිසුරුවරුන් “ධෛර්ය සම්පන්න සහ පළපුරුදු” අය ලෙස එම මාධ්‍යවල හඳුන්වා දී තිබිණි.

අධිකරණ ප්‍රකාශක අස්ගාර් ජහන්ගීර් ඉරාන රාජ්‍ය රූපවාහිනියට පැවසුවේ “තුවක්කුවක් අතැති පුද්ගලයෙකු විනිසුරුවරුන් දෙදෙනාගේ කාමරයට ඇතුළු වී” ඔවුන්ට වෙඩි තැබූ බවය. ප්‍රහාරකයාත් සියදිවි නසා ගත් බව ඔහු පැවසීය.

රජයට අයත් ටෙහෙරාන් ටයිම්ස් පුවත්පතට අනුව, ඉරාන දින දර්ශනයේ සතියේ පළමු වැඩ කරන දිනයවන සෙනසුරාදා ප්‍රහාරයෙන් විනිසුරුවරයෙකුගේ ආරක්ෂකයෙකු ද තුවාල ලබා ඇත. ප්‍රහාරකයාගේ අනන්‍යතාවය සහ ඔහුගේ අරමුණ තවමත් පැහැදිලි නැත.

RelatedPosts

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

සිද්ධියවන අවස්ථාවේ ප්‍රහාරය සිදු වූ අධිකරණ ගොඩනැගිල්ලේ සේවය කළ පුද්ගලයින් ගණනාවක් රඳවාගෙන ඇතැයි රාජ්‍යයට අනුබද්ධ මාධ්‍ය වාර්තා කළේය. කෙසේ වෙතත් අධිකරණය කිසිදු අත්අඩංගුවට ගැනීමක් තහවුරු කර තිබුණේ නැත. මේ “ත්‍රස්තවාදී සහ බියගුලු” ක්‍රියාවට එරෙහිව උපරිමයෙන් නීතිය ක්‍රියාත්මකවන බවට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් මේ වනවිට සහතික වී තිබේ.

Mohammad Moghiseh and Ali Razini, were killed
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඝාතනයට ලක් වූ අධිකරණ ගොඩනැගිල්ල ඉදිරිපිට පොලිස් ආරක්ෂාව…
ඝාතනයට ලක් වූ විනිසුරුවරුන් ගැන බටහිර ආකල්පය

විනිසුරු මොහොමඩ් මොගිසේ සහ විනිසුරු අලි රසිනි කටයුතු කළේ ඉරානයේ ව්‍යවස්ථාපිත නීති පද්ධතිය තුළය. බටහිර තුලනයන් මගින් තක්සේරු කරන පරාමිතීන් එම නෛතික භාවිතාවන් තුළ තිබුණේ නැති නිසාම මෙම විනිසුරුවරු දෙපළම බටහිර ප්‍රබල රාජ්‍යයන්හි ගර්හාවට මෙන්ම දණ්ඩනයට ද ලක් විය.

“චෝදනා සනාථ නොකළ සහ සාක්ෂි නොසලකා හරින ලද අසංඛ්‍යාත අසාධාරණ නඩු විභාග පිළිබඳව” 2019 දී එක්සත් ජනපදය විසින් මොහොමඩ් මොගිසේට සම්බාධක පමුණුවන ලදී. වසර අටකට පෙර ඔහුට යුරෝපීය සංගමය විසින් ද සම්බාධක පනවා තිබුණි.

ඊට හේතු ලෙස යුරෝපීයන් හේතු ගණනක් ඉදිරිපත් කර තිබිණි. එක් නඩුවකදී මොගිසේ ඉරාන ෆේස්බුක් පරිශීලකයින් අට දෙනෙකුට වසර 127 ක සිර දඬුවමක් නියම කළේය. වරද වූයේ රාජ්‍ය විරෝධී ප්‍රචාරය සහ ආගමට අපහාස කිරීමය. මොගිසේ චිත්‍රපට නිෂ්පාදකයින් සහ කවියන් “රාජ්‍ය විරෝධී ප්‍රචාරයන් කිරීමේ” චෝදනා මත දණ්ඩනයට ලක් කර ඇතැයි එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පැවසීය.

ඔහු 2019 දී තවත් නඩුවකදී ප්‍රමුඛ ඉරාන මානව හිමිකම් නීතිඥවරියක් සහ කාන්තා අයිතිවාසිකම් ආරක්ෂකයෙකු වන නස්රින් සොටූඩේට වසර 33 ක සිර දඬුවමක් සහ කස පහර 148 ක් නියම කළ බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වාර්තා කළේය.

අද වෙඩි තබා ඝාතනය කරන ලද අනෙක් විනිසුරු අලි රසිනි 1998 වසරේ ටෙහෙරානයේ අධිකරණ ප්‍රධානියාව සිටිය දී ඝාතන උත්සාහයකින් ජීවිතය බේරා ගත්තේය. ඔහු ඝාතනය කරන්නට උත්සාහ කළේ ඔහුගේ වාහනයට බෝම්බයක් ඇටවීමෙනි. එවකට ජනාධිපති අයතුල්ලා අලි කමේනි ඔහුව බලන්නට රෝහලට ගියේය.

හිටපු ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සමඟ, 1988 දී දහස් ගණනක් දේශපාලන සිරකරුවන්ට නඩු පැවරීම සහ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කළ කුප්‍රකට කමිටුවක් වන “Death Commission” නැමැති කොමිසමට සම්බන්ධ විනිසුරුවරයෙකු ලෙස අලි රසින්ට බටහිර මානව හිමිකම් ක්‍රියාකාරිකයන්ගෙන් චෝදනා එල්ල වූයේය.

බටහිරට මේ විනිසුරුවරුන් අපායගාමී විය යුතු අපරාධකරුවන් වුව ද ඉරානයේ දී ඔවුන් සම්භාවනීය පුද්ගලයින් ලෙස රාජ්‍යයේ නෛතික ක්‍රියාවලිය සක්‍රීයව පණ ගැන්වූ විද්වත් වෘත්තිකයෝ වූහ.

ඉරාන අධිකරණය මෙම ඝාතනය සම්බන්ධව සිය ස්ථාවරය ප්‍රකාශ කරමින් දන්වා සිටියේ ප්‍රහාරකයා අධිකරණය තුළ “සැලසුම් කළ ඝාතනයකින්” ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් දෙදෙනා මරා දැමූ ඝාතකයා සියදිවි නසා ගැනීමට පෙර පලා යාමට උත්සාහ කළ බවය.

“ඉරාන ජනතාවගේ පිරිසිදු රුධිරයෙන් දෑත් තෙත් වූ ත්‍රස්තවාදීන්ට” එරෙහිව “තීරණාත්මක” දඬුවම් නියම කිරීම හේතුවෙන් විනිසුරුවරුන් සිය ජීවිතවලින් වන්දි ගෙවූ බව ඉරාන අධිකරණ ප්‍රධානී ගෝලාම්-හොසේන් මොහ්සේනි එජෙයි නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේය,

“ඔවුන් සැමවිටම සතුරන්ගේ වෛරයට හා ද්වේෂයට ලක්වුනා,” ඔහු පැවසීය.

පසුගිය වසර කිහිපය තුළ ඉරානය ඉහළ පෙළේ පුද්ගලයන් ගණනාවක් වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේය. මේ විනිසුරු ඝාතනය එම ඝාතන සංස්කෘතියේ දිගුවක් ලෙස විදෙස් මාධ්‍ය විසින් හඳුන්වා දී ඇත. තවමත් හෙළි නොවන මේ ඝාතනයේ සුලමුල නුදුරේදීම අනාවරණය වනු ඇත. එතෙක් ලෝක අවධානය ඉරානය වෙත යොමු වී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගාල්ලේ ගින්නක්…

Next Post

ලබන සති දෙක ඇතුළේ ආන්දෝලනයට තුඩු දුන් නඩු කීපයකට අදාල අධි චෝදනා…   නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

Related Posts

පුවත්

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026
පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!
  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.