අධිකරණ නියෝග කඩකළ පාර්ලිමේන්තු මන්ත්‍රී අත්අඩංගුවට… කන්කසන්තුරේ අධිකරණයෙන් ඇප ලැබෙයි…

දිනසේන රතුගමගේ –

යාපනය කන්කසන්තුරේ ශ්‍රී තිස්ස විහාරස්ථානය එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා අධිකරණ නියෝග උල්ලංඝනය කරමින්   විරෝධතාවයක නිරතව සිටියදී  ඊයේ (23) පොලිස් අත්අඩංගුවට පත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ ( TNPF ) යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වතුරේ ගජෙන්ද්‍රන්  ඇතුළු පස්  දෙනෙක් ඇප මත නිදහස් කිරීමට කන්කසන්තුරය අධිකරණය නියෝග කර තිබේ.

එම ස්ථානයේ විරෝධතා නොපවත්වන ලෙස  කන්කසන්තුරේ පොලීසිය විසින් ලබා ගත් අධිකරණ නියෝගයක් නොතකා මන්ත්‍රීවරයා ඇතුලු පිරිසක් විරෝධතාවයක් පැවැත්වු  අවස්ථාවේදී එම පිරිස අත් අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය මන්ත්‍රීවරයා ඇතුළු පිරිස අත් අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී  ඔවුන් විරෝධතාවය අතහැර අසල වු පෞද්ගලික ඉඩමකට පලා ගොස් ඇතත් පොලිස් නිලධාරීන් ඔවුන්ව හඹා ගොස් අත් අඩංගුවට ගෙන ඇත.

පොලීසිය  මන්ත්‍රීවරයා ඇතුළු පිරිස අත් අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු පොලීසිය සමග පොර බැදීම නිසා පොලිස් නිලධාරීන් මන්ත්‍රීවරයා ඔසවා ගෙන ගොස් ජීප් රථයට දමාගෙන තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කන්කසන්තුරේ අධිකරණයට ඉදිරිපත් කළ මන්ත්‍රීවරයාව ඇප මත නිදහස් කොට තිබේ.

Exit mobile version