අධිකරණ නියෝග අරන් මළවුන් සැමරීම වැළැක්වීම මොන සදාචාරයක් ද?. ශිවාජිලිංගම් අසයි!

මොන නියෝග දැමුවත් අපි 27 මහවිරු දිනය සමරනවා...

දිනසේන රතුගමගේ –

යුද්ධයෙන් මියගිය පිරිස සැමරීමට දෙමළ ජනතාවට අයිතිවාසිකමක් හා යුතුකමක් ඇති නිසා මේ මස 27 වෙනිදාට උතුරු පළාතේ බොහෝ ස්ථාන වලදී මහවිරු සැමරුම් උත්සව පැවැත්වෙන  උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම්   පැවසීය.

යාපනයේදී මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් මේ බව කියා සිටි හිටපු මන්ත්‍රීවරයා පොලීසිය අධිකරණ නියෝග ලබා ගෙන  යුද්ධයෙන් මියගිය පිරිස සැමරීමේ අවස්ථා අවලංගු කිරීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් මෙන්ම සදාචාරයට පටහැනිව  කටයුතු කිරීමක් බවද කියා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ නිසා කුමන බාධක පැවතියද මේ මස 27 වෙනිදා දවස පුරාම යුද්ධයෙන් මියගිය පිරිස සැමරීම සදහා විවිධ උත්සව පැවැත්වෙන බවත් එදින පස්වරු 6.05 ට පහන් දල්වා මියගිය පිරිසගේ ආත්මවලට ශාන්තිය ප්‍රාර්ථනා කරන බවත් ශිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා පැවසීය.


Exit mobile version