අධිකරණ අමාත්‍යාංශයේ රැකියා දෙන බව කියා මිලියන වංචා කරලා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ අරඹයි...

අධිකරණ අමාත්‍යාංශයේ රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් මිලියන ගණනක් වංචා කළ පුද්ගලයෙක් සම්බන්ධව විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

අධිකරණ අමාත්‍යංශයේ ලිපිකරු/ කාර්යාල කාර්ය සහායක, රියදුරු හා මුරකරු පත්වීම් ලබා දෙන බව කියමින් ව්‍යාජ සම්මුඛ පරීක්ෂණ ලිපි හා පත්වීම් ලිපි ලබා දී විවිධ ප්‍රමාණයෙන් මුදල් ලබා ගනිමින්  කළ මේ ජාවරාම ගැන හෙළි වන්නේ තරුණ තරුණියන් විශාල පිරිසක් ව්‍යාජ සම්මුඛ පරීක්ෂණ ලිපි හා පත්වීම් ලිපි රැගෙන අධිකරණ අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේ දී බව අධිකරණ අමාත්‍යාං මාධ්‍ය අංශය නිවේදනය කරයි.

පත්වීම් හෝ සම්මුඛ පරීක්ණ පිලි රැගෙන දින කීපයක දී ඔවුන් මෙසේ පැමිණ තිබිණි.


අම්පාර, දංකොටුව, මීගමුව, ගල්කිස්ස, ආදී රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණි මේ පිරිස තමන් රැවටී ඇති බවත් සම්මුඛ පරීක්ෂණ ලිපිය ව්‍යාජ එකක් බවත් දැනගෙන තිබුණේ අමත්‍යාංශයට පැමිණි අවස්ථාවේ දී ය. මේ පත්වීම් ලිපි ලබා ගැනීම සඳහා රුපියල් 17 500 සිට රුපියල් 1, 85 000 දක්වා මුදලක් ගෙවූ බවට සහතික වන බැංකු රිසිට්පත් ද ඔවුන් අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබිණි.

මෙම ජාවාරම්කරුවා සමන්ත නමින් පෙනී සිටිමින් මෙම තැනැත්තන් දුරකථනයෙන් සම්බන්ධ කරගෙන මේ මුදල් ලබා ගෙන ඇත. මේ වනවිට තරුණ තරුණියන් 45 දෙනෙක්  රැකියා ලබා ගැනීම සඳහා මෙසේ මුදල් ලබා දී ඇති බව හෙළි වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව විශේෂ විමර්ශනක් අරඹා තිබේ.

 

Exit mobile version