සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධිකරණයේ දී හෙළිවුන ලෝකයේ අප්‍රසන්නම කතාවක්… ජපුර රෝහලේ ස්නායු ශල්‍ය විශේඥ මහේෂි විජේරත්න මොළය මිය ගිය රෝගීන්ටත් ස්නායු ශල්‍ය කර්ම කරලා රොගීන්ගේ ඥාතීන්ගෙන් මුදල් ගරලා…

ඒ දොස්තර කාන්තාවට යන්න අපායක් හොයා ගන්න වෙයි...

by editor
ජූනි 24, 2025
in පුවත්
Maheshi-Wijerathna
Share on FacebookShare on Twitter
  • මොළය මිය ගිය රෝගීන්ට ස්නායු ශල්‍යකර්ම කරලා තියෙන්නේ මෙෂින් එකට රෝගියාව දාලා හෘද ස්ඵන්දනය වන ආකාරය රෝගියාගේ ඥාතීන්ට පෙනෙන්න සැලැස්වීමෙන්…

තමන් විසින්ම පවත්වාගෙන ගිය ව්‍යාපාරයකින් වැඩි මිලට ස්නායු ශල්‍ය වෛද්‍ය උපකරණ රෝගීන්ට අලෙවි කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ මහේෂි විජේරත්න මොළය මිය ගිය රෝගීන්ට ද ස්නායු ශල්‍ය කර්ම කර්ම සිදුකිරීම සඳහා ප්‍රශ්නගත ශල්‍ය වෛද්‍ය උපකරණ රෝගීන්ගේ භාරකරුවන් ලවා ගෙන්වාගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අද අධිකරණයට දැනුම් දුන්නේය.

කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ සුනේත්‍රා හෙට්ටිආරච්චි කියා සිටියේ අවශ්‍යතාවයක් නොමැති රෝගීන්ට ද එම ස්නායු ශල්‍ය උපකරණ යොදාගෙන සැත්කම් සිදුකර ඇතැයි අනාවරණය වන බවය.

ඇය විසින් මෙසේ අලෙවි කර ඇත්තේ ස්නායු ශල්‍ය වෛද්‍ය කටයුතු සඳහා අවශ්‍ය EVD සහ VP SHUNT යන අයිතමයන්ය

මෙහි දී EVD යන අයිතමය 2022 වර්ෂයේ දී වෛද්‍ය සැපයුම් අංශයේ මිල රු. 17,500/- ක් පමණක් විය. එහි සාමාන්‍ය වර්තමාන වෙළඳ පොළ මිල රු.46,500/- ක් පමණ වේ. එසේ තිබිය දී අදාළ වෛද්‍යවරියගේ නිර්දේශ මත ඇය විසින් යොමු කරනු ලබන පුද්ගලික ආයතනය මගින් රෝගීන්ට මෙම අයිතමය විකුණා ඇත්තේ රු 120,000/- සිට රු.250,000/- පමණ වන මිලකටය.

මේ ජාවාරම සිදු කිරීමෙන් රෝගී පාර්ශවයට පාඩුවක් හා තමාට හෝ බාහිර පාර්ශවයන්ට අයුතු සහගත ලාභයක් ලබා ගැනීම මෙන්ම එම අයිතම රෝහලේ සැපයුම් අංශය මඟින් ඉල්ලුම් නොකිරීම තුළින් රෝහලට පාඩු සිදු කිරීම සම්බන්ධව දූෂණය නම් වරද සිදුකිරීමේ චෝදනා මත අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර කර ඇති විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න අද (24) ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී අල්ලස් කොමිසම මොළය මිය ගිය රෝගීන්ටත් සැත්කම් කළ  ඇයගේ පැටිකිරිය අධිකරණය ඉදිරියේ දී දිගහැරියේය.

RelatedPosts

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ඇය සමග රෝහලේ ප්‍රධාන ලිපිකරුවෙක්වන කැකුලන්ද ලියනගේ ඉන්දික සහ මෙම වෛද්‍යවරියගේ පෞද්ගලික සමාගමේ සේවය කළ නිමල් රංජිත් මුතුකුඩ නැමැත්තෙක් ද රක්ෂිත බන්ධනාගාරගත වී තිබිණි.

මොළය මිය ගිය රෝගීන්ට ස්නායු ශල්‍යකර්ම කළ හැටි

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නීති අධ්‍යක්ෂ සුලෝචනා හෙට්ටිආරච්චි විමර්ශනයෙන් අනාවරණය වූ වැඩිදුර කරුණු අධිකරණයට ඉදිරිපත් කළාය.

නීති අධ්‍යක්ෂ – “ස්වාමීනි. වෛද්‍ය උපකරණ ලබා ගැනීමේ නියමිත ක්‍රමවේදයක් තියනවා. ඒ තමයි ස්වාමීනි අදාල වෛද්‍යවරුන් විසින් වාර්ෂික ඇස්තමේන්තුවට අවශ්‍ය කරන වෛද්‍ය උපකරණ ඇතුළත් කරලා තමයි රෝහලට ලබා ගන්නේ. ”

“නමුත් ස්වාමීනි මේ නඩුවේ පළමුවන සැකකාරිය වාර්ෂික ඇස්තමේන්තුවට ඇතුළත් කරන්නේ නෑ. ඇය විසින් සිදුකරන්නේ තමන්ගේ වාට්ටුවට ඇතුළත් වෙන රෝගීන්ට අදාල වෛද්‍ය උපකරණ දෙක ලබාගන්න කියලා තුන්වෙනි සැකකාර ලිපිකරු වෙත යොමු කරනවා.”

” ඒ අනුව එම සැකකරු විසින් දෙවැනි සැකකරුගේ දුරකථන අංකය රෝගී පාර්ශවයට ලබා දෙනවා,  මොහු සම්බන්ධ කරගෙන වෛද්‍ය උපකරණ සම්පාදනය කරගැනීමේ කටයුතු කරගන්න කියලා. පසුව දෙවැනි සැකකරු විසින් එමා ෆාමා කියන ආයතනයෙන් රුපියල් 50000කට ආසන්න මුදලකට අදාල EVD සහ VP SHUNT උපකරන මිලදී ගෙන පළමු සැකකාරියට අයත් එම්.එන්.එන් මෙඩිකල් ආයතනයට ගෙනල්ලා රුපියල් එක් ලක්ෂ හැත්තෑ පන් දහසක මුදලකට තමයි රෝගී පාර්ශවයට ලබා දෙන්නේ. ”

සැකකාර විශේෂඥ වෛද්‍යවරිය මොළය මිය ගිය රෝගීන්ට සහ අවශ්‍යතාවයක් නොමැති රෝගීන්ට පවා අදාළ වෛද්‍ය උපකරණ භාවිතයෙන් ශල්‍ය කර්ම කර ඇතැයි ද අල්ලස් කොමිසම අනාවරණය කළේය.

නීති අධ්‍යක්ෂවරිය – ස්වාමීනි. මේ වනවිට රෝගී පාර්ශවයන් සහ වෛද්‍යවරුන් සාක්ෂි ලබා දී තිබෙනවා. මේ වෛද්‍යවරියගේ වාට්ටුවට ඇතුළත්වන සුළු ස්නායු ආබාධ සහිත රෝගීන් ද ශල්‍යකර්මවලට භාජනය කරලා තියනවා.

ඒ කියන්නේ ස්වාමීනී… ශල්‍යකර්මයන්ට ලක් කිරීමට අවශය නැති රොගීන් EVD සහ VP SHUNT ශල්‍ය උපකරණ යොදාගෙන ශල්‍යකර්මවලට භාජනය කරලා තියනවා. මේ ශල්‍යකර්ම ඉතාමත් සංවේදීයි. මොකද මොළය මස්තිෂ්ක තරලයේ රුධිරයේ සැරව ඉවත් කිරීම වගේ ශල්‍යකිර්මවලට තමයි මේ උපකරණ භාවිතා කරන්නේ.

ශල්‍යකර්මයට භාජනය වූ සමහර රෝගීන් මියගොස් තිබෙන බවට ද කරුණු අනාවරණය වී තිබෙනවා. ඒ වගේම ස්වාමීනී. ශල්‍යකර්මයන්ට භාජනය වූ රෝගින්ගේ ඥාතින් අපට පවසා තිබෙනවා බ්‍රේන් ඩෙත් වූ රෝගීන්ටත් මේ සැකකාරිය විසින් ශල්‍යකර්ම කර තිබෙනවා කියලා EVD සහ VP SHUNT වෛද්‍ය උපකරණ ගෙන්වාගෙන. මැෂින් එකෙන් හාර්ට් එක වැඩ කරවන්න දීලා තමයි ශල්‍යකර්ම කරලා තියෙන්නේ.

ඒ කියන්නේ ස්වාමීනී. රෝගියා මැෂින් එකේ තියාගෙන දෙවැනි ශල්‍ය කර්මය කරනවා. අන්තිමට ස්වාමීනී රෝගියාගේ පොස්ට් මෝටම් එකේදි අනාවරණය වෙනවා රෝගියා මිය ගිහිල්ලා දවස් 5ක් කියලා. ඒ වගේම හිස් කබලේ කෑල්ලකුත් අඩු වෙලා කියලා.

මේ සැකකාරිය හිතාමතාම රෝගීන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරලා. තමන්ට වාසියක් සලසාගන්න මේ සැකකාරිය අහිංසක රෝගීන්ගේ ජීවතත් එක්ක සෙල්ලම් කරලා. ”

සැකකරුවන්ට ඇප ලබා දීමෙන් විමර්ශනවලට බාධා පැමිණිය හැකි බව පැවසූ නීති අධ්‍යක්ෂවරිය සැකකරුවන් නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියාය.

පළමු සැකකාර විශේෂඥ වෛද්‍යවරිය වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ය. ඔහු පැවසුවේ ඇය ශ්‍රි ජයවර්ධනපුර රොහලේ සිටින එකම ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරිය බවය.

සාලිය පිරීස් – ස්වාමීනි.. රජයේ රෝහල්වල රෝගීන් පිටින් ඖෂධ ලබා ගැනීම සුවිශේෂී තත්ත්වයක් නොවේය. එය සාමාන්‍යයෙන් සිදුවන දෙයක්.

ජයවර්ධනපුර රොහලේ ද ඒ ආකාරයෙන්ම යම් යම් අවස්ථාවලදී ඒ ඒ රෝගීන්ට අවශ්‍ය වෛද්‍ය උපකරණ, ඖෂධ, රෝහලේ නොමැති අවස්ථාවලදී පිටින් ගෙන්වා ගැනීමට වෛද්‍යවරුන් උපදෙස් ලබා දෙනවා. මෙතනදී සිදුවී ඇත්තේ ද එයයි.

ඒ අනුව මගේ සේවාදායිකාව කිසිම ආකාරයක පුද්ගලික වාසියක් ලබාගෙන නෑ. ඇය සුදුසු ඇප කොන්දේසි මත ඇපමත මුදා හරින ලෙස මම අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

දෙවන සැකකරු වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්නය. ඔහු කීවේ ඔහුගේ සේවාදායකයා පළමු සැකකාර වෛද්‍යවරියගේ උපදෙස් මත ඔහුට නියමිත රාජකාරිය කළා පමණක් බවය. වැටුපට රැකියාව කරන ඔහුට ඇප ලබා දෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

මහේස්ත්‍රාත්වරිය ජූලි 08 වැනිදා දක්වා සැකකාරිය ඇතුළු තිදෙනා රක්ෂිත බන්ධනාගත කිරීමට නියෝග කළාය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්ධන තොග සම්බන්ධ කිසිම ප්‍රශ්නයක් නෑ… රටේ කෘත්‍රිම තෙල් හිඟයක් ඇති කරන්න හදන්න එපා… නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරනවා… බලශක්ති ඇමති කියයි!

Next Post

ඊශ්‍රයාල ප්‍රහාරවලින් ඉරානයේ 610ක් මිය ගිහින්! 4,746කට තුවාල…

Related Posts

පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!
  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.