අධ්‍යාපන ඇමති වෙන්නට පැමිණි එස්.බී කර්මාන්ත ඇමතිකමේ දිවුරුම් දෙයි…

අධ්‍යාපන අමාත්‍ය ධුරය භාර ගැනීමට පැමිණි එස්.බී දිසානායකට විමල් වීරවංශ ඉවත් කිරීම නිසා පුරප්පාඩු වූ කර්මාන්ත අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට සිදු වී ඇත.

කර්මාන්ත අමාත්‍ය ධුරයට ජනාධිපතිවරයා විසින් නම් කර තිබුණේ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනය. දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන අමාත්‍යාංශයට පත් කළේ විදේශ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙනි.

මෙම කැබිනට් සංශෝධනයේ දී ඔහුව අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් කර කර්මාන්ත අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට අද සවස කැඳවා තිබේ.


එහෙත් දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා එම අමාත්‍ය ධුරයේ දිවුරුම් දීම ප්‍රතික්ෂේප කර පිටවී ගොස් ඇත.

අනතුරුව අධ්‍යාපන ඇමතිකම භාර ගැනීම සඳහා බලාපොරොත්තු සහිතව පැමිණි එස්. බී දිසානායක කර්මාන්ත අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ප්‍රවාහන අමාත්‍ය ධුරයට දිළුම් අමුණුගම පත් කරනු ඇතැයි වාර්තා වුවත් මේ වනතුරු එම තනතුරේ ඔහු දිවුරුම් දී නැත.

Exit mobile version