අද සවස සිට සියලුම පාසල් ප්‍රවාහන රථවලට ඉන්ධන ලංගම ඩිපෝ මගින්…

කෘෂිකාර්මික, ධීවර, සංචාරක, කටයුතු සඳහා දිවයිනේ සියලු ත්‍රිවිධ හමුදා කඳවුරු හරහා ඉන්ධන....

අනිද්දා (25)  දිවයිනේ සියලුම පාසල් ආරම්භ වීමට තීරණය කර ඇති බැවින්  පාසල් ළමුන් ප්‍රවාහනය කරන සියලුම  පාසල් ප්‍රවාහන සේවා වෑන් රථ සඳහා  ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබා දෙන ලෙසත් , අද සවස 03 සිට එම ක්‍රමවේදය ක්‍රියාවට නගන ලෙසත්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ප්‍රවාහන අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබේ.

ඉන්ධන ගැටලුව සහ එහි ඉදිරි පියවර සම්බන්ධව අද පෙරවරුවේ අග්‍රමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබා දී ඇත.

ධීවර, සංචාරක, කෘෂිකාර්මික කටයුතු සඳහා   ලංගම ඩිපෝ මගින් සහ දිවයින පුරා ත්‍රිවිධ හමුදා කඳවුරු මගින් ඉන්ධන නිකුත් කිරීමට තීරණය කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්ධන ගබඩා කර වැඩිමිලට අලෙවි කරන පුද්ගලයින් සොයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමටත්,  හඳුන්වා දුන් QR කේත ක්‍රමය කඩිනමින් ක්‍රියාත්මක  කිරීමටත් මෙහිදී අවධානය යොමු වී තිබේ.


Exit mobile version