අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ඇතුළු බේකරි නිශ්පාදන මිල රුපියල් 10කින් අඩුවේ…

කීර්ති ප්‍රනාන්දු –

ග්‍රෑම් 450 පාන් ගෙඩියක් සහ මාළුපාන්, බනිස් ඇතුලු අනෙකුත් බේකරි නිශ්පාදනවල  මිල  අද මධ්‍යම රාත්‍රී 12 සිට රුපියල් 10 කින් අඩු කරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය අද (31) ප්‍රකාශ කළේය. 

සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ විධායක සභාව  රැස්වීමෙන් අනතුරුව  මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමය මේ බව දැනුම් දුන්නේය.

ආනයනික පාන්පිටි මිල රුපියල් 250 තෙක් අඩුවීමෙන් අනතුරුව ආනයනකරුවන් ප්‍රකාශ කළේ දැන් පිටි මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දීම බේකරි කෑම නිශ්පාදකයින්ගේ වගකීම බවය.

එහෙත් සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පෙන්වා දී තිබුණේ පිටි කිලෝවක් රුපියල් 250ක මිලකට ලැබෙන්නේ පිටි කන්ටේනරයක් මිලදී ගතහොත් පමණක් බවය.


මෙරට බේකරි නිශ්පාදකයින්ගෙන් සියයට අනූ නවයක්ම එක්වර මිලදී ගන්නේ පිටි මිටි 10 -15 අතර ප්‍රමාණයක්  බව එම සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන ප්‍රකාශ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සාමාන්‍ය බේකරි කර්මාන්තයේ යෙදෙන්නන් තවමත් පිටි කිලෝව මිල දී ගන්නේ රුපියල් 270ට බව ඔහු පැවසුවේය.

Exit mobile version