පොළොන්නරුවෙන් අද (31) උදෑසන ගමන් ආරම්භ කළ NB 9268 බස්රථයෙන් ගමන්ගත් මගීන් සියලුදෙනා ස්වයං නිරෝධායනයට යොමුවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැනුම් දෙයි.
පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පළාගිය රැඳවියන් පස්දෙනා පලායාමෙන් පසු එම බස් රථයෙන් කොළඹ බලා පිටත් වී තිබීම ඊට හේතුවයි.
එම බස්රථය අද උදැසන 5.45ට පොළොන්නරුවෙන් පිටත් වී තිබේ.