අද දින කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම සුරාසල් වැසේ…

ගව ඝාතකාගාර, මස් මාළු අලෙවිසල්, වසා තබන්නටත් රජයේ නියෝග...

අමරපුර මහා නිකායේ උත්තරීතර සංඝ නායක අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමිපාණන්ගේ අවසන් කටයුතු සිදුකරන අද ( 25 ) දින කොළඹ දිස්ත්‍රික්කයේ සියලු සුරා සැල් වසා තිබීමට කටයුතු කර ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පැවසීය.

මෙම නියෝගය උල්ලංඝණය  කරන මත්පැන් අලෙවිසැල්වල මත්පැන් බලපත්‍රලාභීන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම අද දින කොළඹ දිස්ත්‍රික්කය තුළ සියලුම ගව ඝාතකාගාර,  මත්පැන් අලෙවි කරන සියලුම ආකාරයේ සුරාසල්, මස් සහ මාළු වෙළෙඳසල් වසා තැබීමට රජය තීරණය කර තිබේ.


Exit mobile version