අද දින කොවිඩ් මරණ 05යි… රටේ මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 450යි…

කොවිඩ් ආසාදිතයන් වාර්තා කිරීමේ අඩුවක්... අද දින කොවිඩ් ආසාදිත පුද්ගලයන් 490යි..

මෙතෙක් ලංකාවෙන් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 450ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (22) තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 05ක් වාර්තා වීමත් සමගිනි. දූනගහ ප්‍රදේශයේ 33 හැවිරිදි කාන්තාවක්, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි කාන්තාවක්, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි කාන්තාවක්,  කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙසේ මියගොස් සිටියහ.

එමෙන්ම අද දින කොවිඩ් ආසාදිත පුද්ගලයන් 490ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය. ඉන් 03ක් බන්ධනාගාර රැඳවියන්ය. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 76413 කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳ රජය විසින් නිකුත් කළ සියලුම නිවේදන පහත දැක්වේ.


Exit mobile version