අද දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 04යි… ආසාදිතයන් 711යි…

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 04ක් වාර්තා කළේය.  පෙබරවාරි 01 දා වාර්තා කළ මරණ 02ක් පෙරවරවාරි 02 දාත් වාර්තා කිරීම නිසා  සමස්ථ මරණ සංඛ්‍යවෙන් මරණ 02ක් අඩු වී වාර්තා කෙරිනි. ඒ අනුව මේ වනවිට වාර්තාවන සමස්ථ මරණ සංඛ්‍යාව 332කි.

මරණයට පත්වූයේ වල්ගම්මුල්ල ප්‍රදේශයේ 89 හැවිරිදි කාන්තාවක්, දෙවොලපල ප්‍රදේශයේ 67 හැවිිරදි කාන්තාවක්, මිගමුව ප්‍රදේශයේ 66 හැවිරිදි පිිරිමි පුද්ගලයෙක්, හා යාටියන්තොට ප්‍රදේශයේ 70 හැවිරිදි කාන්තාවකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර කොවිඩ් ආසාදිත පුද්ගලයන් 711ක් වාර්තා විය.  කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව  62416කි.


Exit mobile version