අද දවසකට කොවිඩ් මරණ 03යි… ආසාදිතයන් 524 යි

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ තුනක් වාර්තා කළේය. එක් මරණයක් කොළඹ නගරසීමාවේය. අනෙක් මරණ දෙක රටේ විිවිධ ප්‍රදේශවලිනි.

මිය ගිය අය අතර කොළඹ 14 පදිංචි 75 හැවිරිදි පුද්ගලයෙක්, රත්නපුර ප්‍රදේශයේ 72 හැවිරිදි පුද්ගලයෙක්, හොරණ ප්‍රදේශයේ 87 හැවිරිදි කාන්තාවක් වෙති. මේ වනවිට ලංකාවෙන් වාර්තාවන කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 225කි.

මේ අතර අද දවස තුළ කොවිඩ් ආසාදිතයන්  524ක්  වාර්තා වූ බව රජය කීවේය. මේ සියලුම ආසාදිතයන් වාර්තා වන්නේ පෑලියගොඩ කොවිඩඩ් පොකුරෙන් බව සෞඛ්‍ය අංශ කියන්නේය.  මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන  සිංඛ්‍යාව  43587කි


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිකුතු කළ සියලු නිවේදන පහත දැක්වේ..

 

 

Exit mobile version