අද කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 04යි.. කොවිඩ් ආසාදිතයන් 458යි…

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 04ක් අද දින තුළ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය.  ඒ අනුව ලංකාවෙන් වාර්තා වූ සමස්ථ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 457 දක්වා ඉහළ ගියේය. කොවිඩ් ආසාදිත පුද්ගල මරණ බවට අද දින තහවුරු කළේ බොරලැස්ගමුවේ 68 හැවිරිදි පුද්ගලයෙක්, ගල්කිස්සේ 69 හැවිරිදි පුද්ගලයෙක්, කොටුගොඩ 55 හැවිරිදි  පුද්ගලයෙක් හා වත්තල 60 හැවිරිදි පුද්ගලයෙකි.

එමෙන්ම අද දින තුළ කොවිඩ් ආසාදිත පුද්ගලයන්  458ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය. පසුගිය දින කිහිපය පුරාම කොවිඩ් ආසාදිත පුද්ගලයන් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබේ.

ක්ෂේත්‍ර රාජකාරියේ නියුතු සෞඛ්‍ය අංශ ලංකාසරට වාර්තා කළේ පවත්වාගෙන එමින් පැවති පි.සී.ආර් පරීක්ෂණ අඩකට ආසන්න ප්‍රමාණයකින් අඩු කර ඇති බවය.


කොවිඩ් දෙවන රැල්ලෙන් අද වනවිට වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 77363කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධව රජය නිකුත් කළ සියලුම නිවේදන පහත දැක්වේ.

Exit mobile version