අද කෙසේ හෝ කැබිනට් එකේ දි 21 කෙටුම්පත සම්මත කරගන්නවා… අධිකරණ ඇමති කියයි!

අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි ව්‍යස්ථා සංශෝධන කෙටුම්පත සියලු පක්ෂ නායකයින්ගේ එකඟත්වය මත අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්  කරන බවත්  අද දින එම කෙටුපත සම්මත කරගැනීමට හැකිවනු ඇති බවත්  අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ   අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසීය.

මේ පිළිබඳව ලංකාසර කළ විමසුමක දී ඇමතිවරයා කීවේ කැබිනට් මණ්ඩලය වෙත මෙම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළ  අවස්ථා කීපයකදීම විවිධ පාර්ශයන්හි යෝජනා ඉදිරිපත් වූ බවත් ඒ යෝජනා සියල්ල සැලකිල්ලට ගෙන මෙම අවසන් කෙටුම්පත සකස් කර ඇති බවත්ය.

ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව අහිමිකිරීමේ යෝජනාව මෙන්ම ජ       ස්වාධීන කොමිෂන් සභා බලගැන්වීමත් මේ කෙටුම්පත තළ ස්ථාවරව ඇතුළත් කර ඇති බව ඇමතිවරයා කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය තුළ  සම්මත වු වහාම එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්,  ජන මත විචාරණයකට යා යුතු කරුණු කිසිවක් මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගත කර නොමැති බවත්  ඇමතිවරයා කීවේය


Exit mobile version