අද කැබිනට් රැස්වීමේදී තීන්දුවක් ලැබුණොත් හෙට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නවත්වනවා.. ජෝෂප් ස්ටාලින්..

Joshap-Stalin

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු තම ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණහොත් තම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කිරීමට විදුහල්පති සහ ගුරු සංගම් තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් අද (09) පැවසීය.

පසුගිය වසර 24 තුළ විසඳා නැති වැටුප් විෂමතා විසඳීම සඳහා ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති තමන්ගේම වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ බව ඔහු කීවේය.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා චක්‍ර ලේඛනයක් නිකුත් කරමින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් කිසිදු සංවිධානයකින් තොරව පාසල්වලට කැඳවා මාර්ගගත ඉගැන්වීම් කරගෙන යන ලෙස උපදෙස් ලබා දී ඇති බව කී ලේකම්වරයා අමාත්‍යාංශයෙන් පහසුකම් ලබා නොදී මාර්ගගත ඉගැන්වීම් කටයුතු කරගෙන යාමට නොහැකි යැයි ද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දිගටම පවත් ගැනීමට තීරණය කළ බව ද පැවසුවේය.

“යහපත් ප්‍රතිචාරයක් සහිත කැබිනට් තීන්දුවක් ප්‍රකාශයට පත් කළ හොත් හෙට සිට වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවනවා.. එසේ නොවුවහොත් අපි දිගටම වෘත්තීය ක්‍රියාමාර්ගය තුළ ඉන්නවා.. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ළමයින්ට සිදුවන අපහසුතාවයේ වගකීම රජය විසින් බාරගත යුතුය. එක් කැබිනට් රැස්වීමකින් තවත් කැබිනට් හමුවකට ඉල්ලීම් ඉදිරිපත් නොකළ යුතුයි, ” ලේකම්වරයා පැවසීය.

Exit mobile version