අද උදේ රන් මාලයක් කඩාගෙන පලා ගිය කොල්ලකරු  වතුර වළක වැටී මරුට

මාලය කඩන්න ගොස් අකාලේ මිය ගිය කොල්ලකරුට අවුරුදු 20යි...

ලලිත් චාමින්ද –

හෙදියකගේ රන්මාලය කඩාගෙන  පලායමින් සිටි සිට කොල්ලකරුවකු  තෙල්වත්ත  ප්‍රදේශයේ වතුරක වළක වැටි හික්කඩුව ආරච්චිකන්ද රෝහහලට ඇතුළත් කිරිමේන් පසු මියගොස් ඇති බැව් මිටියාගොඩ පොලිසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි කොල්ලකරු අද (10) උදැසන තෙල්වත්ත මලවැන්න ප්‍රදේශයේ දී රැකියාව සඳහා යමින් සිටි බලපිටිය රෝහලේ හෙදියකගේ   රන්මාලය කඩාගෙන පලායමින් සිට ඇත. මේ පිළිබඳ මිටියාගොඩ පොලිසියට  අංක 119 ඔස්සේ හදිසි ඇමතුම් පණිවුඩයක් ලැබි ඇත. ඒ සමග ක්‍රියාත්මක වු පොලිසිය ප්‍රදේශවාසින් සමග එක්ව කොල්ලකරු පසුපස ලුහුබැඳගොස්  තිබේ. ඒ සමග කොල්ලකරු යතුරුපැදිය දමා තෙල්වත්ත ප්‍රදේශයේ  කැළෑබද ප්‍රදේශයක් ඔස්සේ දිවගොස් ඇති අතර එහිදි මොහු වතුර වළක වැටි ඇත. පොලිසිය විසින් කොල්ලකරු වතුර වලෙන් ගොඩගෙන  හික්කඩුව ආරච්චි කන්ද රෝහලට  ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව මිටියාගොඩ පොලිසිය පවසයි.

මියගිය  කොල්ලකරු  20 හැවිරිදි වියේ පසුවන තරණයකු බව පොලිසිය පවසයි. කොල්ලකරු මීට පෙර ද කොල්ලකැම්වලට සම්බන්ධ අයෙකු බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වී ඇත. කොල්ලකරුගේ පශ්චාත් මරණ පරික්ෂණය  බලපිටිය රෝහලේ දි පැවැත්විමට නියමිතව  තිබුණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිටියාගොඩ පොලිසියේ ස්ථානාධිපති  ඒ ඒ එම් විජේසිංහ, පො ප වරුෂවිතාන පො ප නිලන්ත  පො සැ 28042 බන්දුල, පො සැ 38850 ඥණදාස පො කො 77140 මහේස්  පො කො 85187 නිලන්ත යන නිලධාරින් විසින් පරික්ෂනවලට එක්වුහ.

 

 

Exit mobile version