අද අළුයම බීබීසී මාධ්‍යවේදියාට හමුදාව පහර දුන් ආකාරය බීබීසිය ලෝකයට කියයි….

බීබීසී –

අද (22) අලුයම කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලුමුවදොර පිහිටි ගෝඨා ගෝ ගම අරගල භුමියේ රැදී සිටි අරගලකරුවන් වෙත ආරක්ෂක අංශ විසින් අමානුෂික ලෙස ප්‍රහාර එල්ල කළේය.

බීබීසී වීඩියෝ මාධ්‍යවේදියෙකුට හමුදාව විසින් පහර දුන් අතර එක් සොල්දාදුවෙක් ඔහුගේ දුරකථනය උදුරා ගෙන ඔහු වීඩියෝගත කළ දර්ශන මකා දමා ඇත.

එහි සිට එම අවස්ථාවේ සජීව දර්ශන ලබාදෙමින් සිටි බීබීසී දෙමළ සේවයේ ජෙරින් සැමුවෙල් ; ඔවුන් BBC මාධ්‍යවේදීන් බව පුන පුනා ප්‍රකාශ කරමින් තිබියදී හමුදා නිලධාරින්ගේ පහර කෑමට ලක්වන ආකාරය සජීව දර්ශන වල සටහන්ව තිබේ.

 

කෙසේ වෙතත් තවත් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුම හමුදා පහරදීම් වලට ලක්ව ඇති බවට මාධ්‍ය ආයතන හා සංවිධාන පවසයි.


අද අලුයම් කාලයේදී ඉතා විශාල වශයෙන් ආරක්ෂක අංශ නිලධාරින් ගාලු මුවදොර දෙසට පැමිණෙන බවට මීට පෙර වාර්තා විය.

විරෝධතාකරුවන් ජනපති කාර්යාලයෙන් පිටවීමට පැය කිහිපයකට පෙර සිය ගනණක් වූ යුද හා ගුවන් හමුදා සහ පොලිස් කමාන්ඩෝ භටයින් ජනාධිපති කාර්යාලය අවට පිහිටුවා තිබූ විරෝධතා කඳවුර වටලා කූඩාරම් ඇද දැමීමට පටන් ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version