අදානි ගේ දේශීය නියෝජිතයා ජොන් කීල්ස්… කොළඹ වරායම ඉන්දියාවට ද?

තමන්ගේ ලංකාවේ නියෝජිතයා ලෙස දැනට කොළඹ වරායේ SAGT පර්යන්තය බදු ගෙන ඇති ජෝන් කීල්ස් සමාගම තෝරාගත් බව  ඉන්දියාවේ අදානි සමාගම ප්‍රකාශයට පත්කර කළේය.

ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොලේ විශාලතම ලැයිස්තුගත සමාගම වන්නේත් ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී සමාගමය.

ජොන් කීල්ස් සමාගම මේ වන විට කොළඹ වරායේ SAGT පර්යන්තය හරහා කන්ටේනර් මෙහෙයුම්වලින් 35%ක්  සිදු කරමින් සිටී.


SAGT පර්යන්තය ජෝන් කීල්ස් සමාගමට වසර තිහකට බදු දෙනු ලැබුවේ චන්ද්‍රිකා කුමාරතුංග රජය සමයේ දීය.  එම ගිවිසුම 2028 දී අවසන් ව එම පර්යන්තයේ යළි වරාය අධිකාරියට ලැබීමට නියමිතය.

කෙසේ වෙතත් නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සම්බන්ධව දැනට පවතින තත්වය පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ඉන්දියාවේ Adani Watch වෙබ් අඩවිය වාර්තා කළේ  මේ ගනුදෙණුව පිළිබඳ එකඟතාවයකට එන්නේ 2020 ජනවාරි 6 වන දින ඉන්දීය විදේශ ඇමතිවර ආචාර්ය එස්. ජයශංකර් විසින් ශ්‍රී ලංකාවේ කළ සංචාරයේ දී බවය. එහි දී නැගෙනහිර බහාලුම් පර්යන්තය ( ECT ) පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමූහයට ප්‍රදානය කිරීමට තීරණය වූ බව එම වෙබ් අඩවිය පැවසුවේය.

අදානි සමූහය යනු ඉන්දියාවේ විශාලතම ඒකාබද්ධ වරාය සහ සැපයුම් සමාගමය. වර්ෂ 2019 මාර්තු මස දී එවකට පැවති රජය කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය අතර  ඒකාබද්ධ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ   රාජපක්ෂ රජය බලයට පැමිණි පසු විදේශ රටවලට ප්‍රදානය කිරීමට නියමිත සියලුම ව්‍යාපෘති සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් පත් කළ අකාරයය.  එහෙත්  මේ අතරතුර සංචාරය කළ ඉන්දීය විදේශ ඇමතිවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා  ඉන්දියාවේ අවශ්‍යතා හා සම්බන්ධ කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කළ අතර අදානි සමූහයට ECT ලබා දීමට තීරණය කළ බව එම මාධ්‍යය වාර්තා කරන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර ඉන්දියාව මේ සතියේ දී ප්‍රකාශයක් කරමින්   ලංකාවේ වරාය, ගුවන්තොටුපල, පමණක් නොව, සූර්ය හා සුළං වැනි පුනර්ජනනීය බලශක්තිය ඇතුළු බලශක්ති යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ  ව්‍යාපෘති සඳහා වැඩි විදේශ ආයෝජන සමග පැමිණ සහයෝගීතාවයෙන් යුතුව ශ්‍රී ලංකාවට සහාය වීමට කැපවී සිටින  බව ප්‍රකාශ කළ ආකාරය  menafn වෙබ් අඩවිය කියන්නේය. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ කියා සිටියේ සමකාලීන ආර්ථික හා අනෙකුත් අභියෝග ජය ගැනීමට ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

Exit mobile version