අදත් කොවිඩ් මරණ 4ක්

කොවිඩ්‌ 19 ආසාදිත රෝගීන්ගේ මරණ 04ක්‌ අද (3) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන්‌ වාර්තා වන මුළු කොවිඩ්-19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 332 කි.

01. වල්ගම්මුල්ල ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි කාන්තාවකි. 2021 පෙබරවාරි 02 වන දින නිවසේදී මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌ 19 හේතුවෙන්‌ ‘පෙනහළු ආසාදනය වීමයි.


02. දේවාලපොල ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි කාන්තාවකි. 2021 පෙබරවාරි 01 වන දින නිවසේ දී මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌ -19 ආසාදනය හේතුවෙන්‌ පෙනහළු ආසාදනය, උග්‍ර දියවැඩියාව සහ අපස්මාර රෝගී තත්ත්වයයි.

03. මීගමුව ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මීගමුව දිස්ත්‍රික්‌ රෝහලේ ප්‍රතිකාර ලබමින්‌ සිටින අතර කොවිඩ්‌ 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන්‌ පසු මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර යවා ඇත. එම රෝහලේ දී 2021 පෙබරවාරි 02 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොචිඩ්‌ නියුමෝනියාව සහ
ද්වීතීයික බැක්ටීරියා ආසාදනය හේතුවෙන්‌ ඇති වූ ලේ විෂවීමේ කම්පනය සහ වකුගඩු රෝගී තත්ත්වයකි.

04. යටියන්තොට ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කාන්තාවකි. හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින්‌ සිටින අතර 2021 පෙබරවාරි 01 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමොනියාව, පාලනය නොකල දියැඩියාව, හෘද රෝගී තත්ත්වයක්‌ සහ වකුගඩු රෝගී තත්ත්වයකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


(කොවිඩ්‌-19 ආසාදනය හේතුවෙන්‌ සිදු වූ මරණ තහවුරු කිරීමේ දී 2021 පෙබරවාරි 01 වන දින අංක 6 හා 07 වශයෙන්‌ සඳහන්‌ කර ඇති පුද්ගල මරණ 02ක් ප්‍රමාද දෝෂයකින්‌ 2021 පෙබරවාරි 02 වන දි අංක 03 සහ 05 ලෙස නැවත වාර්තා කර ඇති බව සෞඛ්‍යා සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම්‌ දෙයි. මේ හේතුවෙන්‌ 2021 පෙබරවාරි 02 වන දිනට වාර්තා වන මුළු කොවිඩ්‌-19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 328 ලෙස නිවැරදි විය යුතු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දන්වා සිටී.)

Exit mobile version