අදට යෙදෙන 73 වැනි නිදහස් දින පෙළගැස්ම

අදට (04) යෙදෙන ශ්‍රී ලංකාවේ‌ 73 වන නිදහස්‌ සැමරුම්‌ උළෙල අවම සාමාජිකයන් පිරිසකගේ සහභාගිත්වයෙන් වුවද, සෞඛ්‍ය උපදෙස්‌ හා මාර්ගෝපදේශවලට අනුකුලව සියලු ආරක්ෂක විධිවිධාන යටතේ ගාම්භීරව හා චාම්ව නිදහස්‌ චතුරශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාවට නැංවූ රුක්‌රෝපණ වැඩසටහන ජාතික වැඩපිළිවෙළක්‌ ලෙස අද‌ දිනයේ සිට ක්‍රියාවට නැංවෙන අතර‌ නිදහස්‌ දිනයට සමගාමීව සෑම ගමකම රජයේ ආයතන හා පෞද්ගලික ස්ථානවල රුක්‌ රෝපණ වැඩසටහන්‌ දියත්‌ කෙරේ.

73 වන ජාතික නිදහස් දිනය අභිමානවත් ලෙස සැමරීම නිමිති කරගනිමින් බන්ධනාගාරගතව සිර දඬුවම් විදින රැදවූවන් 146 දෙනෙකු වෙත නිදහස ලබාදීමට තීරණය කර ඇත.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය පරිදි මෙම රැදවූවන් හට අද (04)දින පොදු සමාව යටතේ නිදහස ලැබීමට නියමිතව ඇත.

අභිමානවත් ලෙස ලාංකීය නිදහස් දිනය සමරමින් අපරාධවලින් තොර නිදහස් ලංකාවක් ගොඩනැගීම එකම අරමුණ බවත් දූෂණ වංචාවලින් තොර දේශයක් බිහි කිරීම තම අභිලාෂය බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.

කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වෙන ජාතික නිදහස් සමරුව සඳහා සෞඛ්‍ය නීතිවලට අනුකූලව ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාලි සහ සංස්කෘතික පෙරහර ද අද පැවැත්වෙනු ඇත.

මෙවර නිදහස්‌ උත්සවයේ ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාලි සඳහා අවම භට පිරිසක්‌ සහභාගී වන අතර ආචාර පෙළපාලි සඳහා එක්‌ වන ආරක්ෂක අංශයේ සියලු සාමාජිකයන්‌ පී.සී.ආර්‌. හෝ රැපිඩ්‌ ඇන්ටිජන්‌ පරීක්ෂණ සඳහා භාජනය කිරීමෙන්‌ අනතුරුව පමණක්‌ ඒ සඳහා සහභාගී වේ.

මෙවර ආචාර පෙළපාලිය සඳහා යුද්ධ හමුදා සෙබළුන්‌ හා නිලධාරින්‌ 3153 දෙනෙකුත්‌,නාවික හමුදාවෙන්‌ 821 දෙනෙකුත්‌, ගුවන්‌ හමුදා සාමාජිකයන්‌ 740 දෙනෙකුත්‌, පොලිස්‌ හා විශේෂ කාර්ය බලකායෙන්‌ 510 දෙනෙකුත්‌,සිවිල්‌ ආරක්ෂක සේවා බලක සාමාජිකයන්‌ 457 දෙනෙකුත්‌, සහභාගී වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යම්‌ භෙයකින්‌ මේ සාමාජිකයන්‌ අතරින්‌ එක අයෙකු හෝ කොරෝනා අසාදිත බව හෙළිවුවහොත්‌ ඔවුන්ගේ පළමු පෙළ අශ්‍රිතයන්‌ ද ඉවත්‌ කොට අතිරේක බට පිරිස්‌ ඇතුළත්‌ කිරීමට ප්‍රමාණවත්‌ තරම්‌ භටපිරිසක්‌ වෙනම සූදානම්‌ කර තිබීම විශේෂත්වයකි.

Exit mobile version