අදට දවස් 06යි… පොලිසියට පොලිස්පතිවරයෙක් නෑ…

dc

පොලිසියට පොලිස්පති වරයෙක් නැතිව මේ වනවිට දින 06ක කාලයක් ගත වී තිබේ.

පසුගිය 25 වැනිදා මාධ්‍යම රාත්‍රියේ සිට හිටපු පොලිස්පති ඩී.සී. වික්‍රමරත්නගේ පළමු සේවා දිගුව නිමා වී ඇත.

පොලිිසය අභ්‍යන්තරයේ පොලිස්පති ධූරය වෙනුවෙන් ඇති වී තිබෙන ප්‍රබල බල අරගලය නිසාත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වගවීම පිළිබඳ සමාජයෙන් මතුවී ඇති විරෝධතා නිසාත් මේ වනවිට පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධව දැඩි අර්බුදයක් මතු වී තිබේ.

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නිසි වගකීම ඉටු නොකිරීම සම්බන්ධව  පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සහ අධිකරණ තීන්දු මතුකරමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් පොලිස්පති ධූරය වෙනුවෙන් සුදුසුකම් සහිත ඉහළම නිලධාරීන් දෙදෙනෙක්වන ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝනට   පොලිස්පති ධූරය ලැබෙනවාට අප්‍රසාදය පලකරමින්  කාදිනල් හිමිපාණන් ද ජනාධිපතිවරයා වෙත සංදේශයක් යවා ඇත.

මේ තත්ත්වය තුළ පොලිසිය අභ්‍යන්තරය ද යම් කැළඹීමක සිටින බවත්, පොලිස්පති ධූරයේ රාජකාරි ආවරණය කිරීම සඳහාවත් මේ වනතුරු කිසිවෙක් නම් කර නැති තත්ත්වයක් තුළ දෙපාර්තමේන්තුවේ යම් යම් කටයුතු ව්‍යාකූල වී ඇති බවත් පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මින් පෙර අවසන් වරට පසුගිය මාර්තුවේ දින 03ක් රටට පොලිස්පතිවරයෙක් නැති සංක්‍රාන්ති කාලයක් තිබුණේය. ඒ හිටපු පොලිස්පතිවරයාට මාස 03ක පළමු සේවා දිගුව ලැබෙන්නට පෙරය.

Exit mobile version