වැඩ බලන ක්රීඩා අධ්යක්ෂ ජනරාල් ඒ. මුතුමාල විසින් ඊයේ (18) සියලු ක්රීඩා සංගම් හා සම්මේලන වෙත නීතිපති උපදෙස් අනුව උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
ඒ අනුව ක්රිකට් හා මලල ක්රීඩා හැර සෙසු කිසිදු ක්රීඩා සංගමයකට හෝ සම්මේලනයකට අභියාධිකරණය මගින් ලබාදී ඇති තීන්දුව ප්රකාරව අතුරු තහනම් නියෝගය බල නොපාන අතර ඔවුන් සියළු දෙනා අලුත් ගැසට් පත්රයේ සඳහන් නීති රීති අනුගමනය කළ යුතු වේ.
මෙම උපදෙස් මාලාවට අනුව වයස 70 ට වැඩි හා පිට පිට දෙවරකට වඩා සභාපති ධූර ඉසිලූ අයට මෙවර නිලවරණවලට ඉදිරිපත් විය නොහැක