අතුරුදහන් වූ  අටලුගම දැරියගේ සිරුර හමුවේ… වෙන තැනක සිට ගෙනත් දැමූවේ දැයි සැකයක්…

ඊයේ (27)  බණ්ඩාරගම – අටළුගම දී  අතුරුදන් වූ   9 හැවිරිදි දැරියගේ සිරුර ඇයගේ නිවස අසල වගුරු බිමක තිබී සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

දැරිය ජීවත් වූ නිවසේ සිට මීටර් 150ක පමණ දුරකින් යුතු ප්‍රදේශයක දී මෙලෙස සිරුර සොයාගෙන තිබේ.

බැලූ බැල්මට යම් අනතුරක් සිදුවී ඇතැයි සැකයට ලක්වන බවත් සිරුර වෙන තැනක සිට රැගෙන විත් එම ස්ථානයට දැමූ බවට සැකයක් මූලික විමර්ශනවල දී හෙළි වන බවත් පොලිසිය කියයි.

එම ස්ථානයේ ආගන්තුක පස් ප්‍රමාණයකුත් පොලිසියේ නිරීක්ෂණයට ලක් වී තිබේ. සිරුර වසා දැමීමට කළ උත්සාහයක් දැකි මූලික සැකයක් මතු වී ඇත.


ඊයේ දිනයේ දී ඇය සිය නිවසේ සිට මීටර් 250ක් පමණ දුරකින් තිබූ වෙළෙඳසැලක් වෙත ගොස් තිබුණු අතර ඇය නැවත නිවස වෙත පැමිණ තිබුණේ නැත.

එහෙත් ඇය වෙළෙඳසලෙන් පිටවී එනු සීසීටීවී දර්ශනවල සටහන් වී ඇති ආකාරය පොලිස් විමර්කයන් විසින් නිරීක්ෂණය කර තිබිණි.

මේ සිද්ධිය සම්බන්ධව දෙමව්පියන් කළ පැමිණිල්ලට අනුව කළ මූලික පරීක්ෂණවලින් අනතුරුව පොලිස් කණ්ඩායම් හතරක් යොදවා දැරිය සෙවීම සඳහා මෙහෙයුම් දියත් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇය සම්බන්ධව තොරතුරක් මහ ජනතාවගෙන් ද ඉල්ලා තිබිනි.

Exit mobile version