අතුරුදන් පුතා ඉල්ලා අවුරුදු 3ක් අඛණ්ඩ උපවාස කළ පියා මියයයි

දිනසේන රතුගමගේ:

යුද සමයේදී අතුරුදහන් වූ සිය පුතා සොයා දෙන ලෙස ඉල්ලමින් වවුනියාව නගරයේ  දින 1222 ක් තිස්සේ අඛණ්ඩ විරෝධතාවයක නිරතව සිටි වයෝවෘද්ධ පුද්ගලයෙකු හෘදයාබාධයක් හේතුවෙන් 23 දා මියගොස් තිබේ.

වවුනියාව සෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචි හැටනව හැවිරිදි එස්.තිරුවනාව්කරුසු නැමති මේ පුද්ගලයා 2008 වසරේදී අතුරුදහන් වූ තම පුතා වන ටී.විග්නේස්වරන් සොයා දෙන ලෙස ඉල්ලමින් විරෝධතාවයට එක්ව සිටියේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විරෝධතාවයේ නිරතව සිටියදී ඔහුගේ හෘද රෝගය උත්සන්නවීම නිසා ඔහුව වවුනියාව මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

Exit mobile version