අතුරුදන් නාකොටික් නිලධාරියා අත්අඩංගුවට ගන්න CIDය මහජන සහය ඉල්ලයි

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ රාජකාරි කරමින් සිටියදී දැනට සැඟව සිටින පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය සහාය පතයි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ සිදුවී ඇති මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව මොහු අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේය.

වෙහෙරවත්ත කංකානමලාගේ සමන් වසන්ත කුමාර නමැති කිරිකිත්ත වැලිවේරිය පදිංචි 49 හැවිරිදි ඔහුගේ ඡායාරූපය පහත දැක්වේ.


එම ඡායාරූපයේ සිටින සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන්  ඉල්ලීමක් කරයි.

මේ සම්බන්ධව තොරතුරු ලබාදෙන පුද්ගලයන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කරන බවද පොලිස් මූලස්ථානය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



දුරකථන අංක: 071 8591767 / 0112 422176 

Exit mobile version