අතිදුෂ්කර ගල්ගමුවේ සිරිමාවෝ විදුහලේ පැටව් ශිෂ්‍යත්වයේ පෙරළියක් කරති..

මහව අධ්‍යාපන කලාපයේ අති දුෂ්කර පාසලක් වන ගල්ගමුව සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල මෙවරද ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ටම ප්‍රතිඵල ලබා තිබේ.

ගල්ගමුව සිරිමාවෝ ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය

පාසලේ සිසුන් 123 දෙනෙක් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිය අතර වැඩිම ලකුණ 198 කි. ලකුණු 190 ට වඩා වැඩි සිසුන් 14 ක් සිටීම විශේෂත්වයකි.. එසේම ලකුණු 180ට වඩා වැඩි සිසුන් 38ක් සිටින අතර , සිසුන් 123න් 118ක් ම ලකුණු 150ට වැඩිය.

සමස්තයක් ලෙස විභාගයට පෙනී සිටි සිසුන් සියලු දෙනාම ලකුණු 115ට වඩා වැඩිය. එය ඉතාම ප්‍රශංසනීය තත්වය ක් බව එම විදුහලේ වර්තමාන විදුහල්පති පුබුදු රණසිංහ   Lankasara ට පැවසුවේ ය.


මෙමෙ විදුහල ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත අධ්‍යාපන මිනුම් සහ ඇගයීම් ක්ෂේත්‍රයේ පිළිගත් ක්‍රම වේදයක් වන ස්ටැනයින් පරිමාණ දර්ශකයට අනුව  2007 වර්ෂයේ සිට දිවයිනේ  ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව ප්‍රථම පාසල් අට අතර රැදී සිටියි.

ඒ අනුව 2007 වර්ෂයේ දිවයිනේ ප්‍රථම ස්ථානය ද, 2016 වර්ෂයේ දිවයිනේ 4 වන ස්ථානය ද ,2017 වර්ෂයේ දිවයිනේ 2වන ස්ථානය ද, 2018 වර්ෂයේ දිවයිනේ 3වන ස්ථානය ද,  2019 වර්ෂයේ  දිවයිනේ 2වන ස්ථානයට ද පත්ව තිබේ..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 199ක් ලබාගත් ශිෂ්‍යා බිහි වුයේද මෙම පාසලෙනි. මෙවර විදුහලේ ඉහළම ප්‍රතිඵල ලබා ගත්තේ ලකුණු 198ක් ලබා ගත්  M.M.ආරාධා සුදේශි දියණිය ය.

Exit mobile version