අත්හදාබැලීමේ අත්වැරැද්දෙන් කොවිඩ් එන්නතේ සාර්ථකත්වය සියයට 90ක්වෙයි

මෙතෙක් සියයට 70ක් සාර්ථක බවට කියවුණු බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය සහ ප්‍රධාන පෙළේ ඖෂධ සමාගමක් වන ඇස්ට්‍රා සෙනෙකා සමාගම විසින් මේ වනවිට අත්හදා බැලෙමින් පවතින එන්නත අත්හදා බැලිමේදී වුණු වැරැද්දකින් එය සියයට 90ක් ම සාර්ථකත්වයට එකක් බව ට පත්කරගෙන තිබේ.

එනම් මෙම එන්නත සම්බන්ධයෙන් සිදු කෙරෙන මහා පරිමාණ අත්හදාබැලීම්වලදී දෙනු ලබන මාත්‍රා දෙකින් එකක් අඩක් ලබා දී පසුව ලබා දෙන මාත්‍රාව සම්පූර්ණයෙන් ලබා දීමෙන් මේ ආකාරයෙන් සියයට 90ක සාර්ථක ඵල ලබා ගත හැකි වූ බව මෙම පර්යේෂකයෝ පෙරේදා අනාවරණය කළහ.

“ද ගාඩියන්“ පුවත් පතට මේ පිළිබඳ ව අදහස් ප්‍රකාශ කරන ඇස්ට්‍රා සෙනෙකා සමාගමේ ජෛව ඖෂධවේදය සම්බන්ධ පර්යේෂණ අංශයේ උප සභාපති මෙනී පැන්ගොලාස් පවසන්නේ මෙය සැබැවන්ම සිදුවූ වැරදි චර්යාවක් මත අහම්බෙන් ලබා ගත් සාර්ථකත්වයක් බවය.


පසුගිය අප්‍රියෙල් මාසයේ සිට සිදු කෙරුණු අත්හදාබැලීම්වලදී අපට මෙම ඖෂධයේ මාත්‍රා දෙකක් එනම් පළමු මාත්‍රාව ලබා දී මාසයකින් තවත් මාත්‍රාවක් ලබා දීමෙන් කොවිඩ් 19 වෛරසයට එරහි සියයට 62ක පමණ සාර්ථත්වයක් තමයි ලබන්න පුළුවන් වුණේ. එය උපරිම වශයෙන් තිබුණේ සියයට 70ක පමණ. ඊට අමතරව අපට මෙම එන්නත ලබා දීමේදී පැමිණි විවිධ අතුරුඵල එක් කණ්ඩායමකට ලබා දීමේදී අඩු බව දකින්නට ලැබුණා.

සාමාන්‍යෙයන් නිරීක්ෂණය වුණු විඩාබර බව, හිසරදය සහ බාහුවල වේදනාව මෙම එන්නත ලබා දුන් එක් කණ්ඩායමකට අනෙක් අයට සාපෙක්ෂව අඩු තත්ත්වයක් දකින්නට ලැබුණා. ඔවුන්ට පමණක් මේ ආකාරයෙන් අතුරු ආබාධ අඩු බව පෙනුණා අපි කළේ එය වුණේ කෙසේදැයි බැලීම.

එහිදී පෙනී ගියා මේ තත්ත්වයට හේතුව මෙම පර්යේෂකයන් පළමුවෙන් ලබා දි තිබෙන්නේ අර්ධ මාත්‍රාවක්.

කොහොම හරි මේ අර්ධ මාත්‍රාව ලබා දී මාසයකට පසු සම්පූර්ණ මාත්‍රාව ලබා දුන් අයට එන්නත සියයට 90ක් සාර්ථක වී තිබෙනවා.

ඔවුන් පවසන්නේ මෙම තත්තවයට හේතුව නිසි ලෙස පැහැදිලි කර ගැනීමට තවමත් නොහැකි වූ බවයි.

එහෙත් ශරීරය තුළ ප්‍රතිශක්තිය වර්ධනය කරවන යම් ක්‍රියාවලියක් ඒ හරහා නිශ්චිතව ම සිදුව ඇති බව ඔවුහු පවසති.

මෙම එන්නතේ පවතින විශේෂත්වයක් වන්නේ දැනට සාර්ථකත්වය ලබා ඇති මොඩර්නා සහ පිසර් ආයතනයේ එන්නත්වලට වඩා අඩු වියදමකින් එය ප්‍රවාහනය කළ හැකි වීමය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එය සාමාන්‍ය ශීතකරණ උෂ්ණත්වයේ ප්‍රවාහනය කළ හැකි වුවද අනෙක් එන්නත් දෙකම අධි ශීත තත්ත්වයයට ප්‍රවාහනය කළ යුතු තත්ත්වයක් නිර්මාණය වි තිබිණි. එසේම මෙම එන්නත සාර්ථක වුවහොත් එය ඉන්දියාවේද නිෂ්පාදනය කිරීමේ අදහසක් පිළිබඳව කතා බහට ලක්ව තිබුණි.

Exit mobile version