අත්සන හොරට ගසා ශාන්ත අන්තෝනි බාලිකාවට සිසුවියන් 18ක් ඇතුළත් කිරීම ගැන විමර්ශනයක් කරන්න… අතිරේක ලේකම් පොලිසිය යයි…

අධ්‍යාපන අමාත්‍යාංශ අතිරේක ලේකම් හේමන්ත උදයකුමාර ප්‍රේමතිලක (අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ) ගේ නම හා තනතුර අවභාවිත කරමින් ව්‍යාජ නිල මුද්‍රාවක් හා ව්‍යාජ අත්සනක් යොදා 2018-2020 අතර කාලයේ දී ශාන්ත අන්තෝනි බාලිකාවට සිසුවියන් 18 දෙනෙකු ඇතුළත් කිරීම මුල්කරගෙන විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලමින්  හෙතෙම මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශය වෙත  පැමිණිල්ලක් කර තිබේ.

පසුගිය 20 දා සිදුකර ඇති එම පැමිණිල්ලේ දක්වා ඇතේතේ කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විදුහලේ අතරමැදි පංති වලට සිසුවියන් 18ක්  ඇතුළත් කිරීම සඳහා තම නම හා තනතුර අවභාවිත කරමින් කූඨ ලේඛණ සකස් කළ පුද්ගලයින් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසය.

මෙම සිසුවියන් පාසලේ 02,03,04,07,08 හා 09 වසර යන පංති වලට ඇතුළත් කර තිබෙන බව විගණන අංශ මගින් කළ විමර්ශනයේ දී ද හෙළිව තිබිණි. විගණන පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ   එම ලිපි සඳහා යොදා ගත් අධ්‍යාපන අමාත්‍යංශ ලිපි ශීර්ෂ ලෙස යොදා ගෙන ඇත්තේ වංචනිකව සකස් කළ ලිපි ශීර්ෂ බවය.

අදාළ ලිපි ඍජුවම විදුහල්පතිනිය වෙත යොමුකර තිබීම හේතුවෙන් කූඨ ලේඛණ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරන ලෙස මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් කළ දැනුම් දීමකට අනුව විදුහල්පතිනිය ද මෙයට පෙර මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිල්ලක් කර ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ වී ඇත.

Exit mobile version