අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගන්න ඉන්දියාව දෙන බිලියනයේ ණයට අත්සන් තැබෙයි!

Artigala

ශ්‍රි ලංකාවට ආහාර ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ලබා ගැනීම සඳහා අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් බිලියනයක් වටිනා ණය සහන යෝජනා ක්‍රමයට අදාළ ගිවිසුම් අද සවස නවදිල්ලි නුවරදී අත්සන් කෙරුණු බව ඉන්දීය විදේශ අමාත්‍ය ජේ ජයශංකර්  පවසයි.

අස්ලවැසියාට පළමුව – ඉන්දියාව ශ්‍රි ලංකාවේ සහයට හිට ගනී යනුවෙන් ඔහු සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර ඇත.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ගිවිසුම ඉන්දීය මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සහ ශ්‍රි ලංකා මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර් ආටිගල   අතර හුවමාරු වූ අතර මෙම අවසථාවට මේ වනවිට ඉන්දියාවේ සංචාරයක යෙදෙන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ , ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන්, ඉන්දීය විදේශ අමාත්‍ය ජේ. ජයශංකර්, ශ්‍රි ලංකාවේ ඉන්දියානු තානාපති ගෝපාල් බග්ලේ , නවදිල්ලියේ ශ්‍රි ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ   සහභාගී වූහ.


Exit mobile version