අත්බෝම්බයක් පිපිරී දරුවන් දෙදෙනෙකුට බරපතලයි..

දිනසේන රතුගමගේ –

බෝම්බ ඉවත් කර සුරක්ෂිත ප්‍රදේශයක් සේ ප්‍රකාශයට පත් කර තිබූ මන්නාරම මඩු  ඉරනේරුප්පුකුලම්  මන්කිණ්ඩි ගම්මානයේ ළමයින් දෙදෙනෙකු අද (25) පෙරවරු 10.30 ට පමණ පැරණි ජීව අත් බෝම්බයක් පිපිරීමෙන් බරපතල ලෙස තුවාල ලබා වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.

මෙම අත් බෝම්බය එක් ළමයෙකුගේ වත්තේ තිබී එය අහුලාගෙන සෙල්ලම් කරමින් සිටියදී බෝම්බය පිපිරීමෙන් ඔවුන් තුවාල ලබා තිබේ.

බෝම්බය පුපුරා ගිය තැන..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මන්නාරම මඩු  පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.


Exit mobile version