අත්අඩංගුවේ සිටින රිෂාද්ගේ බිරිඳ ඇතුළු පවුලේ 4 දෙනාගේ ඇප ඉල්ලීම් ඉවතට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටිය දී පිළිස්සුම් තුවාල සහිතව ජූඩ් කුමාර් ඉශාලිනි නැමැති තරුණියක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබූ මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුළු සිව්දෙනෙකු ඉදිරිපත් කළ ඇප ඉල්ලුම්පත් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

අනතුරුව ඔවුන් සිව්දෙනා අගෝස්තු 23 වන දා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අය අතර මන්ත්‍රීවරයාගේ බිරිඳ, ඇයගේ පියා, ඇයගේ සහෝදරා සහ අදාළ දැරිය ගෙනැවිත් භාරදුන් ඩයගම ප්‍රදේශයේ තැරැව්කරු ද වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම විමර්ශනවලට අදාළ කරුණු අධිකරණයට වාර්තාකිරීමට පෙර ජනමාධ්‍ය වෙත නිකුත්වූයේ කෙසේදයි සොයාබලා වාර්තාවක් ඉදිරිපත්කරන ලෙස ද පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

Exit mobile version