අත්අඩංගුවේ දී ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා “සළිඳු” ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභා කරන්නැයි නීතිපති අධිකරණයෙන් ඉල්ලයි!

salindu

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන සළිඳු මල්ශික ගුණරත්න හෙවත් පානදුරේ ‘කුඩු සළිඳු’ වෙනුවෙන් ගොනුකර තිබෙන රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවරයා ඉල්ලා තිබේ.

මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙනවිත් සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන සළිඳු මල්ශික ගුණරත්න හෙවත් පානදුරේ ‘කුඩු සළිඳු’ නමැත්තාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ඔහුගේ මව විසින් මෙම රිට් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එහිදී එම පෙත්සම විභාගයට නොගෙන මුල් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවරයා අද අභියාචනාධිකරණය හමුවේ විරෝධතා මතු කර සිටියේය.

ඒ අනුව අදාළ පෙත්සම ලබන 20 වනදා කැඳවීමට නියෝග කළ අභියාචනාධිකරණය එදින මෙම පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ගේ ස්ථාවරය දැනුම් දෙන ලෙස නීතිපතිවරයාට නියෝග කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙරණ –

Exit mobile version