අඩුබාබියෙන් ඇල්ලූ ඇල්ටෝ ධර්මේ මෙරටට ගේන්න රාජ්‍ය තාන්ත්‍රික පියවර

අබුඩාබි ගුවන් තොටුපලේදී විදේශ රටකට යන්නට උත්සාහ කිරීමේදී ජාත්‍යන්තර පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන මොරටුව හිටපු නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වාගේ ඝාතනයේ පළමු සැකකරු වන ඇල්ටෝ ධර්මේ හෙවත් ධර්මසිරි පෙරේරා නැමැත්තා එරටින් පිටුවහල් කොට මෙරටට රැගෙන ඒම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ පියවර මේ වනවිට ගනිමින් තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

නම ගිය පාතාල අපරාධකරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රත්මලානේ අංජුගේ ප්‍රධානතම ගෝලයකු ලෙසින් සැලකෙන මෙම ධර්මේ නැමැත්තා කලක පටන් විදේශ ගතව සිටි අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රි ලංකා පොලිසිය ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදනයක් ලබා ගෙන තිබුණි.

කලක් අංජු සමඟ ඩුබාහි හී ජීවත් වූ ඔහු අංජු ප්‍රංශයට පැන යාමෙන් පසුව දිගටම ඩුබාහි රැඳී සිට ඇති බව සඳහන් වේ.


පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන ධර්මසිරි පෙරේරා නැමැත්තා කලක් ඇඟලුම් කර්මාන්ත ශාලාවක තත්ත්ව පාලකවරයකු ලෙස කටයුතු කර ඇති අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන් පසු වාහන සොරකම් කිහිපයකටද සම්බන්ධ වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන් පසුව කලක් කුඩා මෝටර් රථයක් කුලි ව්‍යාපාරයේ යොදවමින් සිට ඇති අතර රත්මලානේ අංජු නැමැත්තා සමඟ එහිදී ඇති කර ගත් මිනීමැරුම් මත මෙම පාතාල ක්‍රියාකාරකම්වලට යොමුවූ පුද්ගලයකු බව සඳහන් වේ.

Exit mobile version