අඩි 07ක කිඹුලෙක් මැරූ සිවිල් ආරක්ෂයින් 07ක් අත් අඩංගුවට

ත්‍රිකුණාමලය –  සමන් මල්ලවආරච්චි –

ත්‍රීකුණාමලය ගෝමරන්කඩවල, නීල පනිච්චන්කුලම වැවෙහි සිටි අඩි හතක් පමණ දිගැති දැවැන්ත කිඹුලකු මරා දැමු සිවිල් ආරක්ෂක භටයින් හත් දෙනෙකු වනජිවි නිලධාරින් හා ගෝමරන්කඩවල පොලිසිය එක්ව අත් අඩංගුවට ගනු ලැබිය.

නීල පනිච්චන්කුලම වැවෙහි මසුන් ඇල්ලීම සඳහා එලන ලද දැලකට මෙම කිඹුලා හසුව සිටි බව අත් අඩංගුවට ගත් සිවිල් ආරක්ෂක භටයින් ප්‍රකාශ කර ඇතත් කිඹුලාගේ හිසට පහර දි මරා දමා ඇති බවත් මරා දමන ලද තවත් කිඹුලන් කිහිප දෙනෙකුගේ සිරුරු කොටස් රැසක් වැව් පිටියේ තිබියදි හමුවු බව පොලීසිය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත් අඩංගුවට ගත් සිවිල් ආරක්ෂක භටයන් ගෝමරන්කඩවල අඩම්පනේ උප කලාප කාර්යාලයට අනුයුක්තව සේවය කරන අයවලුන්  බවත් ඔවුන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව ගෝමරන්කඩවල පොලිසිය පැවැසීය


 

 

Exit mobile version