අජිත් රෝහණට එරෙහි මඩ ගැසීම් පසුපස තවත් එස්.ඩී.අයි.ජී කෙනෙක්

ගෙන්වූවා කියන දියණිය තවම පිටරට

 

විකුම් වික්‍රමසිංහ-

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට සහ ඔහුගේ දියණියට අපහාස වන පරිදි සමාජ ජාලා සහ වෙබ් අඩවි ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිරවීම පසුපස  තවත් ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයකු සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ජනතාව අතර ජනප්‍රියත්වයට පත්වීම සහ රජයේ ඉහළ පාර්ශ්වයන්ගේ ප්‍රසාදයට ලක් වීම හරහා ඔහු වෘත්තීයමය අභියෝගයක් සේ සලකා මෙසේ අජිත් රෝහණ මහතාට එරෙහිව අසත්‍ය ප්‍රචාර ගෙන යන බව මෙම ආරංචි මාර්ග ලංකාසර ට හෙළි කළේය.

බෙලාරුස් රාජ්‍යෙය්  විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබන අජිත් රෝහණ මහතාගේ දියණිය කොවිඩ් 19 වසංගත තත්ත්ව හමුවේ රජයේ මැදිහත්වීම හරහා මෙරටට ගෙන්වා ගෙන තම දියණිය නිරෝධායනට ලක් නොකොට රහසේම තම නිවසට කැඳවාගෙන ගිය බවට මෙම ප්‍රචාර ගෙන ගොස් තිබේ. එසේ වුවද නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ දියණිය තවමත් බෙලරුස් රාජ්‍යය් රැඳී සිටින අතර එම රටින් කිසිදු විදේශීය සිසුවකුට මේ වන තෙක් එම රටින් පිට වීමට බලධාරීන් පියවර ගෙන නොමැත. ඒ අනුව මෙම පුවත හිතාමතා අජිත් රෝහණ මහතා අපතීර්තියට පත්කිරීමේ අරමුණින් කරන ලද එකක් බවට මේ වනවිට දේශපාලන අධිකාරිය වෙතද අනාවරණය වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොරෝනා මර්දනයේදී ඉතා ඉහළ ජනප්‍රසාදයක් ලැබීම සහ මහජනතාව සහ පොලිසිය අතර මනා සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමට අජිත් රෝහණ මහතා කටයුතු කළ ආකාරය පිළිබඳව පොලිස් කොමිසමේ නිලධාරීන් අතරද සාකච්ඡා වී ඇති අතර එවැන්නන්ට ජ්‍යෙෂ්ඨත්වය ඉහළ දැමෙන පරිදි වැටුප් වර්ධක ආදිය ලබා දිය යුතු  බවට පසුගිය දිනවල සාකච්ඡා වී ඇත. මෙම අසත්‍ය ප්‍රචාරය පසුපස මෙම කතා බහද හේතු වන්නට ඇතැයි මෙම ආරංචි මාර්ග විශ්වාස කරයි.


 

Exit mobile version