අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන කෝටාව දෙගුණ වෙයි!

ජාතික ඉන්ධන අවසර පත්‍ර QR පද්ධතිය වෙන් කර ඇති ඉන්ධන කෝටා  ක්‍රමය අඟහරුවාදා (30) මධ්‍යම රාත්‍රියේ සිට වැඩි කරන බව විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේස්කර පවසයි.. 

ලියාපදිංචි කුලී   ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 22ක්, අනෙකුත් ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 14ක් සහ මෝටර් බයිසිකල් සඳහා සතියකට ලීටර් 14ක් ලැබේ.

මෝටර් රථ සඳහා සතියකට ලීටර් 40 ක කෝටාවක් ලැබෙනු ඇත.  වෑන් රථ සඳහා කෝටාව ලීටර 40කි.    බස් රථ සඳහා සතියක කෝටාව ලිටර 125කි. ලොරි රථ සඳහා ලීටර් 125කි.

ඉඩම් වාහන සඳහා ලීටර 45ක කෝටාවක් සහ විශේෂ කාර්ය වාහන සඳහා ලීටර 45ක  කෝටාවක් ලබාදීමට තිරීනය කර තිබේ.


ඇමතිවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩය මෙසේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version