අගරදගුරු හිමියන් කෙරෙහි ද්වේෂය උපදවන වීඩියෝවක් මුදා හළ කතක් අත්අඩංගුවට

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පිළිබඳ ද්වේෂ සහගත අන්තර්ගතයන් ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙබ් අඩවියකට මුදා හැරි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ 43 හැවිරිදි මෙම කාන්තාව අද (18) බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.

කතෝලික පල්ලිය ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබුණි.


තම ප්‍රතිරූපයට කැළලක් ඇති කිරීමට කාන්තාව දැරූ උත්සාහය හෙළා දකිමින් කාදිනල් මැල්කම් රංජිත් හිමියෝ කියාසිටියේ අදාළ කාන්තාව කරන ප්‍රකාශ නොමඟ යවන සුළු බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අගරදගුරු කාර්යාලය පැවසුවේ කාන්තාවට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන් වෙත පැමිණිල්ලක් ගොනු කර ඇති බවයි.

Exit mobile version