අගමැති  සෞඛ්‍ය සේවාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි!

Health

අගමැති රනිල් වික්‍රමසිංහ සෞඛ්‍ය සේවාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.  සෞඛ්‍ය සේවා ‌ තුළ මේ මොහොත වන විට හදිසි ආපදාතත්වයක් නිර්මාණය වී ඇති බැවින් මෙම තීරණය ගත් බව අගමැතිවරයා අද අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී සදන් කර ඇත.

මේ වන විට රෝහල්වල ඇති තිබෙන ඖෂධ හිඟය  මගහරවා ගැනීමට කඩිනමින් ඖෂධ ගෙන්වීමේ වැඩපිළිවෙළක්  සෞඛ්‍ය අමාත්‍යංශය තුළ  සකස් කර නොමැති බව සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මෙහිදී අගමැතිවරයා දන්වා ඇත.

කෙසේ නමුත් මීට පෙර ඇනවුම් කළ ඖෂධ ඉදිරි මාස තුනක කාලය ඇතුළත් ලැබීමෙනු ඇති බවද ඇමතිවරයා සඳහන් කර තිබේ.

ඉදිරි අයවැයේදී සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වෙන්කර තිබෙන පුනරාවර්ථන වියදම් කප්පාදු නොකරන බව  අගමැතිවරයා මෙහිදී සඳහන් කර ඇත.


සෞඛ්‍ය සේවාවේ දියුණු වෙනුවෙන් වැඩ කිරිමට ක්ෂේත්‍රයේ සියලුම වෘත්තිය සමිතිවල අදහස් ලබා ගත යුතු බවද අගමැතිවරයා මෙහිදී  පවසා ඇත.

කඩිනමින් මෙරටට ඖෂධ ගෙන ආ යුත්තේ කෙසේද යන්න පිලිබඳව වෛද්‍ය හා සීවිල් අයිතිවාසිකම් පිලිබඳ වෘත්තීය සංසදය මෙහිදී  අදහස් දක්වා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සාකච්ඡාව අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද  පැවති අතර ඒ සඳහා අග්‍රමාත්‍ය ලේකම් , සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල  , සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත  වැඩබලන සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය. රුවන් විජේවර්ධන , වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිලිබද වෘත්තීය සංසදයේ ලේකම් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති සාමාජිකයින් කීපදෙනෙක් සහභාගී වී ඇත.

Exit mobile version