අගමැති මෝදි එක්ක වෙනම සාකච්ඡාවක් සම්පන්ධන් ඉල්ලයි !

දිනසේන රතුගමගේ

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ්‍රී මෝදි මහතා මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කරණ විට ඔහු සමග දෙමළ ජාතික සන්ධානයට පෞද්ගලිකව සාකච්ඡා කිරීම සදහා කාලයක් හා අවස්ථාවක් සලසා දෙන ලෙස ඉල්ලා ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයා 12 දා පැවසීය.

මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් මේ බව කියා සිටි දෙමළ ජාතික සන්ධානයේ නායකයා ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දියානු මහ කොමසරිස් කාර්යාලය මෝදි අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම සම්බන්ධයෙන් මෙතෙක් තම පක්ෂය දැණුවත් කොට නැතැයිද කියා සිටියේය.


කෙසේ වෙතත් මෝදි අග්‍රාමාත්‍යවරයාට මීට පෙර දෙමළ පක්ෂ කීපයක් හා මුස්ලිම් පක්ෂ විසින් ලිපියක් යවමින් උතුරු නැගෙනහිර දෙමළ භෂාව කතා කරණ පිරිසට සිදුව ඇති අසාධාරණයට පිලියම් සෙවීමට මැදිහත් වන ලෙස ඉලීමක් කොට ඇති බව සිහිපත් කළ සම්පන්ධන් මන්ත්‍රීවරයා මේ රටේ දෙමළ ජනයාට ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් ඉන්දියාවට විශාල වගකීමක් පවතින නිසා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග විශේෂ සාකච්ඡාවක් ඉල්ලා සිටි බවද පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දීය ධීවරයින්ගේ ප්‍රශ්නයට මුල්තැනක් දෙමින් උතුරු නැගෙනහිර සෙසු ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා බව කී සම්පන්ධන් මන්ත්‍රීවරයා තමන් කළ ඉල්ලීම පසෙක ලෑමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට කිසිම අවශ්‍යතාවයක් නොමැති නිසා මේ ඉල්ලා සිටි හමුව අනිවාර්යෙනම සිදු වන බවද සදහන් කළේය.

Exit mobile version