අගමැති දිනේෂ්… අද යළි  දිවුරුම් දෙන්නේ  පැරණි කැබිනට් එකමයි….

වත්මන් ඇමති මණ්ඩලය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත.

ඒ අනුව එම ඇමති මණ්ඩලය කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දීමට නියමිතය.

ඇමති මණ්ඩලය දිවුරුම් දීමට පෙර  නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන දිවුරුම් දීමට නියමිතය.

සර්ව පාක්ෂික රජයේ අමාත්‍ය මණ්ඩලය පත්වන තෙක් පවතින ඇමති මණ්ඩලය ඉදිරියට ගෙන යන අතර ඉතා කෙටි කාලයක් තුළ සියලු පක්ෂ  නියෝජනය වන පරිදි සර්ව පාක්ෂික අමාත්‍ය මණ්ඩලය පත් කර ගැනීමට  ජනාධිපතිවරයා සැලසුම් කර ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පවතින ඇමති මණ්ඩලයේ ඇමතිවරු  කිහිප දෙනෙකුගේ විෂය පථය වෙනස් වනු ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ඇත.

Exit mobile version